විශේෂ පුහුණුවක් සඳහා මෙරට කිරි ගොවීන් 19 දෙනෙක් ඉන්දියාවට

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හරහා කරන ලද ඉල්ලීමකට අනුව, ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික කිරි ගොවීන් සඳහා වන ධාරිතා වර්ධන පුහුණු වැඩසටහනේ දෙවන අදියර සඳහා තේරීපත් වූ කිරි ගොවීන් අද (07) අමාත්‍යාංශ පරිශ්‍රයේදී කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න හමු වුණා.

මෙම මස 16 වන දින ඉන්දියාව බලා පිටත්වීමට නියමිත මෙම කණ්ඩායමට මුළු දිවයිනම ආවරණය වන පරිදි කිරි ගොවීන් 19 දෙනෙක් ඇතුළත් වනවා.

කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ සෘජු මැදිහත්වීම මත වසර 20කට පමණ පසුව ආරම්භ කෙරුණු මෙම පුහුණු වැඩසටහන යටතේ ඉන්දියාව බලා යන දෙවන කණ්ඩායම මෙයයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ද කිරි ගොවීන් 19 දෙනෙකු සඳහා මෙම අවස්ථාව හිමි වූ අතර, ඉදිරියේදීත් තවත් කණ්ඩායම් කිහිපයකට මෙම පුහුණු අවස්ථා ලබා දීමට ඉන්දීය මහකොමසාරිස් කාර් යාලය එකඟතාව පළ කර තිබෙනවා.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද් හි පිහිටි ජාතික කිරි සංවර්ධන මණ්ඩලය (National Dairy Development Board – NDDB) මූලික කරගනිමින් මෙම පුහුණු වැඩසටහන පැවැත්වේ. මෙහිදී ලොව කිරි පිරිසැකසුම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ‘අමුල්’ (Amul – GCMMF) සමාගමේ නිෂ්පාදන හා පාලන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට ද ශ්‍රී ලාංකික කිරි ගොවීන්ට අගනා අවස්ථාවක් හිමි වනවා.

තාක්ෂණය ඔස්සේ දෛනික කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම, කිරි නිෂ්පාදනවල අගය දාම සංවර්ධන(Value Chain Development), කිරි ගොවිපළ යාන්ත්‍රීකරණය, දෙනුන් රෝගවලින් ආරක්ෂා කර ගැනීම සහ ගුණාත්මක පෝෂණ සත්කාර ලබා දීම වැනි ක්ෂේත්‍ර පිළිබඳ ප්‍රායෝගික දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙම පුහුණුවේ ප්‍රධාන අරමුණයි.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ, මෙම වැඩසටහනින් ලබන අත්දැකීම් උපයෝගී කරගනිමින් දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, තම ප්‍රදේශවල අනෙකුත් ගොවීන් වෙත ඒ දැනුම බෙදා හරිමින් ග්‍රාමීය ආර් ථිකය බලගැන්වීමටත් මෙම ගොවි මහතුන් සහය වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත්) එච්.ඒ.ඒ.එස්. පියසිරි, අධ්‍යක්ෂ (පශු සම්පත්) යූ.එස්. ගුණරත්න ඇතුළු පශු සම්පත් අංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49