Meta සමාගමට ඩොලර් මිලියන 567ක දඩයක්

ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය තුළින් සිදුවූ හානි පිළිබඳව ප්‍රමාණවත් අනතුරු ඇඟවීම් ලබා නොදුන් බවට තීරණය කරමින් Meta සමාගමට දඩ පැනවීමට ඇමරිකාවේ අධිකරණයක් කටයුතු කර තිබෙනවා.

ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණයක් මගින් Meta සමාගමට ඩොලර් මිලියන 567ක දඩ මුදලක් පැනවීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙය ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් Meta සමාගමට එරෙහිව මෙතෙක් නියම වූ විශාලතම දඩ මුදල වනවා.

එම සමාගමට මීට පෙර නියම කළ ඩොලර් මිලියන 375ක දඩය ද සමඟ එකතුව, සමාගම විසින් ගෙවිය යුතු සම්පූර්ණ දඩ මුදල ඩොලර් මිලියන 942ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නිව් මෙක්සිකෝ අධිකරණ විනිසුරු බ්‍රයන් බීඩ්ෂයිඩ් සඳහන් කර ඇත්තේ, Meta සමාගම “මහජනයට කරදරකාරී බලපෑමක්” ඇති කරන ආයතනයක් බවත්, එය වායු දූෂණය සිදු කරන කර්මාන්ත ශාලාවකට සමාන කළ හැකි බවයි.

මේ අතර ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක්, වට්ස්ඇප් සහ ත්‍රෙඩ් හිමිකාරීත්වය දරණ සහ ක්‍රියාත්මක කරන Meta සමාගමේ ප්‍රකාශකයෙකු බ්‍රහස්පතින්දා පැවසුවේ, මෙම තීන්දුවට එකඟ නොවන අතර අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46