අගෝස්තු මාසයේ දී ලාෆ්ස් ගෑස් මිලෙත් වෙනසක් නැහැ

අගෝස්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම දැනුම්දෙනවා.

ඒ අනුව, අගෝස්තු මාසයේ දී ද පවතින මිල ගණන් යටතේම ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් අලෙවි කෙරෙන බව සමාගම නිවේදනය කර තිබෙනවා.