හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, තමන්ට පැනවූ සිරදඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචන පෙත්සම විභාග කිරීම සැප්තැම්බර් 23 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් අද (06) නියෝග කළා.
2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය මඟින් ඇයට නියම කළ වසර 3ක බරපතළ වැඩ සහිත සිරදඬුවම ඉවත දමා තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඇය මෙම අභියාචනය ඉදිරිපත් කර ඉල්ලා සිටිනවා.













