පාකිස්තාන උප අගමැතිගේ මුණුපුරා විදෙස් කාන්තාවන්ට කරදර කරන්න ගොස් මාට්ටු වෙයි

පාකිස්තානයේ උප අගමැති සහ විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර්ගේ මුණුබුරා වන මුහම්මද් රාසා ඩාර් ඇතුළු සැකකරුවන් සිව්දෙනකු, නෙදර්ලන්ත ජාතික ව්‍යාපාරික කාන්තාවක සහ වෙනිසියුලානු ජාතික ව්‍යාපාරික කාන්තාවක පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කිරීම සහ කප්පම් ලබාගැනීමේ චෝදනා මත ලාහෝර් නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාකිස්තාන පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලට අනුව, කාන්තාවන් දෙදෙනා දින දෙකකට වැඩි කාලයක් රඳවා තබා ගනිමින් ඔවුන්ට ලිංගික අතවර සිදු කර ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකකට ආසන්න මුදලක් කප්පම් ලෙස ඉල්ලා ඇති බව විදස් මාධ්‍ය වාර්තා කරනවා.

නෙදර්ලන්තයේ පුවත්පතක් වාර්තා කර ඇත්තේ වින්දිතයන්ගෙන් එක් අයෙකු වයස අවුරුදු 34ක ක්‍රිප්ටෝ මුදල් ක්ෂේත්‍රයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ඩිජිටල් ව්‍යවසායිකාවක බවයි.

පාකිස්තාන මාධ්‍ය අනුව, ප්‍රධාන සැකකරු වන රාසා ඩාර් එම කාන්තාවන් සමඟ ක්‍රිප්ටෝ මුදල් සමාගමක් ආරම්භ කර තිබූ අතර, ව්‍යාපාරය පාඩු ලැබීමෙන් පසු ඔවුන්ට “පාඩමක් උගන්වීමට” සැලසුම් කළ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කාන්තාවන් දෙදෙනා 2025 ඔක්තෝබර් මාසයේදී සිංගප්පූරුවේදී රාසා ඩාර් හඳුනාගෙන ඇති අතර, පාකිස්තානයේ ආයෝජකයන් හඳුන්වාදෙන බව පවසමින් ඔහු ඔවුන්ට පාකිස්තානයට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් ජූනි 26 වැනිදා ඉස්ලාමාබාද් වෙත පැමිණ තිබෙනවා .

දින තුනකට පසුව උපන්දින සාදයකට යන බව පවසමින් ඔවුන් ලාහෝර්හි නිවසකට රැගෙන ගොස් ඇතත්, එහි කිසිවකු නොසිටි බවත්, එහිදී සන්නද්ධ පුද්ගලයන් සිව්දෙනකු ඔවුන්ට පහරදී මුදල් ඉල්ලා ඇති බවත් පොලිස් පැමිණිල්ලේ සඳහන්.

සැකකරුවන් ඔවුන්ගේ පරිගණක සහ ඩිජිටල් වත්කම් වෙත ප්‍රවේශය ඉල්ලා ඇති අතර, මුලින් ඇමෙරිකානු ඩොලර් 100,000ක කප්පමක් ලබාගෙන පසුව තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ත් 2ත් අතර මුදලක් ලබාදෙන ලෙස තර්ජනය කර ඇතැයි පැමිණිල්ලේ දැක්වෙනවා.

වින්දිතයන් පවසන්නේ දින තුනකට ආසන්න කාලයක් තමන් රඳවා තබාගෙන නැවත නැවතත් ලිංගික අපයෝජනයට ලක් කළ අතර, කප්පම් මුදල් ඉල්ලා පවුලේ සාමාජිකයන්ට දුරකථන ඇමතුම් ලබාගැනීමටද බල කළ බවයි.

එහිදී නෙදර්ලන්ත ජාතික කාන්තාව තම පවුලේ සාමාජිකයන් සමඟ කලින් එකඟ වූ රහස් සංඥා වචනයක් හඬ පණිවුඩයක් තුළ භාවිත කිරීමෙන් ඔවුන් පොලිසිය දැනුවත් කර තිබෙනවා.

පසුව කාන්තාවන් රැගෙන යමින් තිබූ වාහනයක් තවත් වාහනයක ගැටීමෙන් අනතුරක් සිදුවීමත් සමඟ ඔවුන් වාහනයෙන් පැන අසල ගරාජයකට දිවගොස් ඇති අතර, එහිදී පොලිසිය විසින් ඔවුන් බේරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මුහම්මද් රාසා ඩාර්, හසන් රාසා, සිකන්දර් ඛාන් සහ සාජිඩ් අලී යන සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, “Boss” යන නමින් හඳුන්වා ඇති තවත් සැකකරුවකු සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරනවා.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන විපක්ෂ දේශපාලනඥයන් දැඩි විවේචන එල්ල කර තිබෙනවා.

සෙනෙට් මන්ත්‍රී ෆයිසල් වාව්ඩා මහතා උප අගමැති ඉෂාක් ඩාර් මහතා ඉල්ලා අස්විය යුතු බව පවසා ඇති අතර, සිද්ධිය යටපත් කිරීමට උත්සාහ කළ බවටද චෝදනා කර තිබෙනවා.

මේ පිළිබඳ විමර්ශන පාකිස්තාන පොලිසිය විසින් තවදුරටත් පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාට බාධා කිරීම නිසා නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..අපි මේක දාලා යන්නම්
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06
Video thumbnail
චාමර යකා නටයි"කාදිනල් හිමි මට නඩු දානවා කිව්වා..කමක් නෑ මට දැම්මට"
01:30
Video thumbnail
චාමරගෙන්, පූජිත් සහ හේමසිරි ගැන ප්‍රබල හෙළිදරව්වක් - ජනපති අත්සන් කරලා එ#ලන්න කියන්න
03:45
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13