මෙට්‍රෝ බස් රථ සේවාව මෙරටට නොගැලපෙන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මෙරට පවතින රථ වාහන තදබදය සහ මාර්ග පද්ධතියේ තත්ත්වයට සාපේක්ෂව මෙට්‍රෝ බස් රථ සේවාව මෙරට තුළ ප්‍රයෝගික නොවන බවයි.
මෙට්‍රෝ ආයතනය යනු හුදෙක් රජය සතු ආයතනයක් බවත්, එම ආයතනය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අතර වෙනසක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.













