ඉහල කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට තව දුරටත් ඇදහැලෙන ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් (04) දින අලුයම විවෘත කර ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා.
ඉහල කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙසයි ආපදා
කලමණාකරණ ඒකකයේ ඉල්ලා සිටින්නේ.
ප්රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලි වල ජල ධාරිතාව ඉහල ගොස් ඇති බව වාර්තා වනවා.













