මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 03 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම දිස්ත්‍රික්ක කිහිපයකට බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදියර 1 සහ අදියර 2 යටතේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මෙම නිවේදනය අද (03) පෙ.ව. 09:00 සිට හෙට (04) දින පෙ.ව. 09:00 දක්වා පැය 24 ක කාලයක් සඳහා වලංගු වනු ඇති.

එහිදී, 3 වන මට්ටම – ඉවත්වීමේ රතු නිවේදනය (Level 3 – Red Alert) මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

එමෙන්ම, 2 වන මට්ටම – අවධානයෙන් සිටීමේ ඇම්බර් නිවේදනය (Level 2 – Amber Alert) මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල සහ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස

මෙම ප්‍රදේශවල පස් කඳු කඩා වැටීම්, පොළොව ගිලා බැසීම්, කඳු බෑවුම්වල පැලුම් ඇතිවීම් හෝ ජල උල්පත් පහත්වීම් වැනි නායයෑමේ පූර්ව ලක්ෂණ දක්නට ලැබේ නම් වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34