ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් BAIC X3e ඉලෙක්ට්‍රික් මෝටර් රථය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ මෝටර් රථ අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් පසුගිය දා BMICH පරිශ්‍රයේ පැවැති ‘Auto Vision Motor Show 2026’ ප්‍රදර්ශනයේ දී සම්පූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන නවතම BAIC X3e ක්‍රොස්ඕවර් (Crossover/SUV) මෝටර් රථය නිල වශයෙන් එළිදක්වන ලැබුවා.

මෙරට රථවාහන පාරිභෝගිකයන්ට විද්‍යුත් වාහන අත්දැකීම (Electric Mobility) වඩාත් පහසුවෙන් ළඟා කිරීම වෙනුවෙන් තැබූ තවත් දැවැන්ත පියවරක් ලෙස මෙය හැඳින්විය හැකියි.

“ජීවිතය පහසු කරන විද්‍යුත් වාහනය” යන තේමාව පාදක කරගනිමින් නූතන තාක්ෂණය, එදිනෙදා භාවිතය සඳහා ඇති ප්‍රායෝගික බව සහ ඉහළ වටිනාකම ආදි සාධකයන් එකට මුසු කරමින් නිර්මාණය කර ඇති BAIC X3e රථය විද්‍යුත් වාහන භාවිතා කිරීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට කදිම විසඳුමක් සපයනවා.

අඩු ධාවන පිරිවැය, ප්‍රායෝගික ධාවන පරාසය (Driving Range), වේගවත් බැටරි ආරෝපණ හැකියාව (Fast Charging), පවුලේ සැමට සුව පහසුවෙන් ගමන් කළ හැකි ඉඩකඩ සහිත අභ්‍යන්තර අවකාශය , රියදුරු සහායක තාක්ෂණය ආදී විශේෂතාවන්ගෙන් සමන්විත BAIC X3e සඳහා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් මගින් අලෙවියෙන් පසු විශ්වාසනීය සේවාවන් ද හිමි වනවා.

මෙම සියලු විශේෂාංගයන් ඔස්සේ ශ්‍රී ලාංකික පවුල්වලට විද්‍යුත් වාහන භාවිතය වඩාත් පහසු, කාර්යක්ෂම මෙන්ම පිරිමැසුම්දායක තේරීමක් බවට පත් කරනවා.

ආකර්ෂණීය සහ නූතන පෙනුමකින් යුත් හැඩය, පහසුවෙන් භාවිත කළ හැකි පුළුල් කැබින් ඉඩකඩ, නවීන සබඳතා පහසුකම් සහිත Smart Digital Cockpit, නවීනතම රියදුරු සහායක තාක්ෂණය, කාර්යක්ෂම විද්‍යුත් ධාවන ක්ෂමතාව, පූර්ණ ආරක්ෂිත විශේෂාංග, වේගවත් බැටරි ආරෝපණ පහසුකම සහ ස්වයංක්‍රීය parking පද්ධතිය ආදී අති නවීන විශේෂාංග රැසක් මෙහි අන්තර්ගත වනවා.

මෙම නව වාහනය එළිදැක්වීම පිළිබඳව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් හි අධ්‍යක්ෂ මහේෂ් ගුණතිලක මහතා සඳහන් කළේය.

“මෙම BAIC X3e රථය නිර්මාණය කර තිබෙන්නේ, ප්‍රායෝගික භාවිතය, සුව පහසුව හා මිල ගණන් පිළිබඳව වඩාත් උනන්දුවක් දක්වන, විද්‍යුත් වාහන භාවිතයට යොමුවීම කෙරෙහි කැමැත්තක් දක්වන පාරිභෝගිකයන් වෙනුවෙන්මයි. සැමදෙනාටම ළඟා විය හැකි ගමනාමන අනාගතයක් නිර්මාණය කළ යුතු බව ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් හි අප විශ්වාස කරනවා. BAIC X3e මගින් ඉටුවන්නේ එම කාර්යයයි. දිවයින පුරා පිහිටා ඇති අපගේ අලෙවි සහ අලෙවියෙන් පසු සේවා ජාලයේ සහය සමග, විශ්වාසනීය සේවාවක් සහ දීර්ඝකාලීන සහයෝගයක් සහිතව විද්‍යුත් වාහන භාවිතයට යොමුවීමට පාරිභෝගිකයන්ට දැන් හැකියාව ලැබී තිබෙනවා.”

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් විසින් මේ වන විටත් BAIC පාරිභෝගිකයන් වෙනුවෙන් නියම අමතර කොටස් ලබාදීම, කාලීන නඩත්තු සේවා, අලුත්වැඩියා කටයුතු සහ තාක්ෂණික සහය ඇතුළත් පූර්ණ අලෙවියෙන් පසු සේවා ජාලයක් ස්ථාපිත කර තිබෙනවා.

කොළඹ, හයිඩ් පාර්ක් කෝනර් හි පිහිටි BAIC වෙනුවෙන්ම වෙන්වූ අතිනවීන සේවා මධ්‍යස්ථානයට අමතරව, දිවයින පුරා විහිදුණු නියෝජිතයන්ගේ සහ සේවා ජාලයේ සහය ද මේ සඳහා හිමි වනවා.

සමාගමේ ප්‍රධාන BAIC ප්‍රදර්ශනාගාරය බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටා ඇති අතර කුරුණෑගල, මාතර, රත්නපුර සහ මහනුවර යන ප්‍රදේශයන්හි ඇති ශාඛා මගින් දිවයින පුරා සිටින පාරිභෝගිකයින්ට මිලදී ගැනීමේ සහ අලෙවියෙන් පසු සේවාවන් පහසුවෙන් ලබා ගැනීමේ පහසුකම සලසා තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0114 700 678 දුරකථන අංකය සහ www.baicsrilanka.com වෙබ් අඩවිය ඔස්සේ මෙන්ම Facebook සහ Instagram හි BAIC Sri Lanka පිටු මගින් ද ලබා ගත හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුවේ බෝට්ටු අනතුරේ නවතම තත්ත්වය මෙන්න - ධීවර අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්
04:50
Video thumbnail
ශානි හා රවී ඒකාලයේ තමන්ට ලැබුණු උපදෙස් අනුව කටයුතු කළා - ප්‍රශ්නයක් තියෙනවනම් අධිකරණයට යන්න
02:21
Video thumbnail
කටාන ප්‍රදේශයේ මහ රෑ රේස් පදින කොල්ලෝ - මෙන්න වීඩියෝවක් එළියට එයි
01:44
Video thumbnail
රවී, ශානි දෙන්නාට හේමසිරි, පූජිත්ට වඩා ම#ණ දඬුවම දෙන්න පුළුවන් වරදක් කරලා ?
03:03
Video thumbnail
හේමසිරි, පූජිත ප්‍රහාරකයා ගැන අවබෝධයක් තිබුණේ නෑ? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
03:29
Video thumbnail
ජනපති ගිහින් අත්සන් කළ කුකුල් කකුල් ගිවිසුම ගැන නාමල් කියපු දේ - චීනයේ කුකුල් කකුල් දෙකක් ඩොලර් 7ක්
03:26
Video thumbnail
දැඩි වර්ෂාපතනය නිසා කැළණි ගගේ ජල මට්ටම වැඩි වන අයුරු මෙන්න
01:26
Video thumbnail
ශානි - රවී මාලිමාවේ වේදිකාවට ගොඩවුණු නිසා නිර්දෝෂීන් වෙයිද ?මාලිමාවට ප්‍රබල චෝදනා
07:34
Video thumbnail
බයික් රේස් පදින්න කොල්ලෝ ඔට්ටු අල්ලන හැටි මෙන්න - උඹලා නිසා දෙමව්පියෝ ගෙදර දුක් විදින්නේ ?
01:29
Video thumbnail
හේමසිරි, පූජිත්ට ලැබුණු දඬුවම ගැන මාලිමා ප්‍රබලයෙක්ගෙන් සැර කතාවක් - තව තව ඉස්සරහට වෙනවා
03:30