ඉමේෂාගේ මංගල 20-20 ශතකයෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සංචාරක පාකිස්ථාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (31) සමත් වුණා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගය පාකිස්ථාන පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගත්තේ කඩුලු 06කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 176ක් රැස් කළා.

පාකිස්ථාන ඉනිම වෙනුවෙන් ෂවාල් සුල්ෆිකාර් ලකුණු 63ක් සහ නායිකා මුනීබා අලි ලකුණු 42ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී කවිෂා දිල්හාරි ලකුණු 36කට කඩුලු 02ක් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 177ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 19ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී අදාළ ඉලක්කට සම්පූර්ණ කරමින් තරගය ජයගත්තා.

මෙහිදී සුපිරි ඉනිමක් දියත් කළ ආරම්භක පිතිකාරිනි ඉමේෂා දුලානි පන්දු 63ක් තුළ ලකුණු 101ක් රැස්කරගනිමින් පළමු ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකය රැස් කළා.

චමරි අතපත්තුගෙන් පසු කාන්තා විස්සයි විස්ස තරගයක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස්කළ එකම පිතිකාරිනිය බවට ඒ අනුව ඉමේෂා පත් වුණා.

ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් නායිකා චමරි අතපත්තු පන්දු 22ක් තුළ ලකුණු 39ක් රැස් කළා.

ඒ, අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස පෙරමුණ ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලය දෙනකොට අසීමිත බලයක් දෙන්න එපා කාට වුණත්..දැන් මිනිස්සුන්ට තේරෙනවා වැරැද්ද
03:26
Video thumbnail
අපිට ජන වරමක් තියෙනවා මැතිවරණ දෙකකදිම..උඩුදුවන්න ඕනි නෑ - ජනතාවට යුක්තිය ඉටුකරනවා
05:14
Video thumbnail
මර්වින් ඇමති කාලයේ විශාල ධනස්කන්ධයක් උපයලා - ප්‍රසිද්ධ නිළියකටත් ලක්ෂ ගණන් දීලා
06:11
Video thumbnail
ඉතාමත් දුර්ලභ වර්ගයේ හඳුන් දිවියෙක් ලොරි රථයක වැදී එළොව ගිහින්
00:35
Video thumbnail
නලින්දට හරි අපූරුවට උපදෙස් දුන් හර්ෂ ?
00:36
Video thumbnail
සුවසැරිය සංවත්සරයට ගිහින් නලින්දට උපදෙස් දුන් හර්ෂ ? - නලින්දත් හොඳට ඇහුම්කන් දෙයි
01:00
Video thumbnail
හේමසිරි සහ පූජිත් නඩු තීන්දුවට මුහුණ දෙන්න අධිකරණයට පැමිණෙයි - කට්ටිය එක්ක ගැම්මට එන හැටි
03:05
Video thumbnail
අධිකරණයේ ස්වාධීනත්වය ගැන නාමල්ට කතා කරන්නවත් අයිතියක් නෑ - විහිළුවක්
04:28
Video thumbnail
ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා ?දොලවත්ත හෙළිකරයි
06:28
Video thumbnail
දයාසිරි, දොලවත්තගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් - විනිසුරුවරුන් තාම අල්ලස් අරගෙන නැහැ
08:01