බෝට්ටු එන්ජිමේ මළ සිරුරක් ඇමිණිලා – පොලීසිය උදව් ඉල්ලයි

හැමිල්ටන් ඇලේ ගමන් ගත් ධීවර යාත්‍රාවක එන්ජිමේ මළ සිරුරක් ඇමිණී තිබෙනවා.

පසුගිය දා අළුයම 4.30ට පමණ යි මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ.

වත්තල, හේකිත්ත පන්සල ඉදිරිපිට හැමිල්ටන් ඇළේ දී මෙලෙස මළ සිරුර හමු ව ඇති අතර මළ සිරුරේ හිසෙහි තුවාලයක් ද දක්නට හැකි බව සඳහන්.

අඩි 5 අඟල් 4 ක් උසැති, වයස 45 ක පමණ පුද්ගලයකුගේ මළ සිරුරක් මෙලෙස හමු වී ඇති බව වාර්තා වූවා.

ධීවර කටයුතු සඳහා අළුයම හැමිල්ටන් ඇළෙහි යාත්‍රාව පදවමින් සිටිය දී හේකිත්ත පාළම යටදී සිය යාත්‍රාව ක්‍රියා විරහිත වූ බව සිරුර සොයාගත් ධීවර මහතා පවසනවා.

යාත්‍රාවේ දෝෂය පරීක්ෂා කිරීමට තමන් දියට බැස්ස බවත් ඒ අවස්ථාවේ පුද්ගලයෙකු එන්ජිමෙහි ඇමිණී සිටින බව දුටු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

සිරුර කාගේ දැයි තවමත් හඳුණාගෙන නැති අතර මෙම අබිරහස් මරණය පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා වත්තල පොලීසිය මහජන සහය පතනවා.

වත්තල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක රිශාන් සේනානායක මහතා ඇතුලූ නිලධාරින් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42