Empty Ad
AFC Banner
Empty Ad

බෝට්ටු එන්ජිමේ මළ සිරුරක් ඇමිණිලා – පොලීසිය උදව් ඉල්ලයි

හැමිල්ටන් ඇලේ ගමන් ගත් ධීවර යාත්‍රාවක එන්ජිමේ මළ සිරුරක් ඇමිණී තිබෙනවා.

පසුගිය දා අළුයම 4.30ට පමණ යි මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ.

වත්තල, හේකිත්ත පන්සල ඉදිරිපිට හැමිල්ටන් ඇළේ දී මෙලෙස මළ සිරුර හමු ව ඇති අතර මළ සිරුරේ හිසෙහි තුවාලයක් ද දක්නට හැකි බව සඳහන්.

අඩි 5 අඟල් 4 ක් උසැති, වයස 45 ක පමණ පුද්ගලයකුගේ මළ සිරුරක් මෙලෙස හමු වී ඇති බව වාර්තා වූවා.

ධීවර කටයුතු සඳහා අළුයම හැමිල්ටන් ඇළෙහි යාත්‍රාව පදවමින් සිටිය දී හේකිත්ත පාළම යටදී සිය යාත්‍රාව ක්‍රියා විරහිත වූ බව සිරුර සොයාගත් ධීවර මහතා පවසනවා.

යාත්‍රාවේ දෝෂය පරීක්ෂා කිරීමට තමන් දියට බැස්ස බවත් ඒ අවස්ථාවේ පුද්ගලයෙකු එන්ජිමෙහි ඇමිණී සිටින බව දුටු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

සිරුර කාගේ දැයි තවමත් හඳුණාගෙන නැති අතර මෙම අබිරහස් මරණය පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා වත්තල පොලීසිය මහජන සහය පතනවා.

වත්තල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක රිශාන් සේනානායක මහතා ඇතුලූ නිලධාරින් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49
Video thumbnail
කිරිඇල්ලගේ දුව නුවර බලය අල්ලන වැඩේට අත ගහයි
06:49
Video thumbnail
බටලන්ද වාර්තාව ආවා විතරයි ගැමුණුත් වාර්තාවක් එළියට දායි
14:33

?