බල්ලෙක් නිසා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක කලබලයක්

මොරවක කොස්නිල්ගොඩ රජයේ රෝහලේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැනපු පිස්සු බල්ලකු එහි ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවන් තිදෙනකු සපා කෑම නිසා එම රෝහල තුළ දැඩි කලබලයක් ඇතිව තිබෙනවා

බල්ලා කඩා පනිනවාත් සමග ඇතැමි කොරෝනා රෝගීන් ඇඳවල් මතට නැඟ සිය ජීවිත බේරා ගැනීම සදහා මහ හඩින් කෑ කෝ ගසා තිබෙන බවයි වාර්තා වන්නේ

එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ විදෙස්ගතව සිට පැමිණී කාන්තාවෝ 18 දෙනෙක් ඇතුළු 38 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා

සිද්ධිය වන අවස්ථාවේ ඔවුන්ගෙන් පිරිසක් නේවාසික ප්‍රතිකාර අවසන් කර සිය නිවෙස් වෙත යාම සදහා සූදානමින් සිට ඇති අතර ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද රෝහල් භූමීයේ රැදී සිට ඇති බවයි වාර්තා වන්නේ

කෙසේ වෙතත් රෝහල් සේවකයන් ඇතුළු පිරිස දැඩි පරිශ්‍රමයක් දරා සුනඛයා රෝහල් වාට්ටුවෙන් පිටතට එලවා දැමු බව රෝගීන්ගේ ඥාතීහු පවසා තිබෙන අතර පසුව සුනඛයා පාරට පැමිණීමෙන් පසු රැස්වු පිරිස බල්ලාට පහර දී මරා දමා තිබෙනවා

කෙසේවෙතත් එම සුනඛයා අදාල ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළට ඇතුළුවු ආකාරය කිසිවකුත් දැක නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40