මොරවක කොස්නිල්ගොඩ රජයේ රෝහලේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැනපු පිස්සු බල්ලකු එහි ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවන් තිදෙනකු සපා කෑම නිසා එම රෝහල තුළ දැඩි කලබලයක් ඇතිව තිබෙනවා
බල්ලා කඩා පනිනවාත් සමග ඇතැමි කොරෝනා රෝගීන් ඇඳවල් මතට නැඟ සිය ජීවිත බේරා ගැනීම සදහා මහ හඩින් කෑ කෝ ගසා තිබෙන බවයි වාර්තා වන්නේ
එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ විදෙස්ගතව සිට පැමිණී කාන්තාවෝ 18 දෙනෙක් ඇතුළු 38 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා
සිද්ධිය වන අවස්ථාවේ ඔවුන්ගෙන් පිරිසක් නේවාසික ප්‍රතිකාර අවසන් කර සිය නිවෙස් වෙත යාම සදහා සූදානමින් සිට ඇති අතර ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද රෝහල් භූමීයේ රැදී සිට ඇති බවයි වාර්තා වන්නේ
කෙසේ වෙතත් රෝහල් සේවකයන් ඇතුළු පිරිස දැඩි පරිශ්‍රමයක් දරා සුනඛයා රෝහල් වාට්ටුවෙන් පිටතට එලවා දැමු බව රෝගීන්ගේ ඥාතීහු පවසා තිබෙන අතර පසුව සුනඛයා පාරට පැමිණීමෙන් පසු රැස්වු පිරිස බල්ලාට පහර දී මරා දමා තිබෙනවා
කෙසේවෙතත් එම සුනඛයා අදාල ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළට ඇතුළුවු ආකාරය කිසිවකුත් දැක නැහැ.





