බමණ මතින් සිටි පියාගේ නොහික්මුණු ක්‍රියාවෙන් අයියා – නගෝ මාඔයට බිලි

පියා සමග මා ඔයේ දිය නෑමට ගිය 9 හැවිරිදි සහ 5 හැවිරිදි දරුවන් දෙදෙනකු දියේ ගිලී මියයාමේ පුවතක් රඹුක්කන පොලිස් වසමට අයත් බොලගමින් වාර්තා වේ.

මෙසේ දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ රඹුක්කන වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි අදීෂ නෙතුමිණී විජේසූරිය නමැති 9 හැවිරිදි පිරිමි දරුවකු සහ ගඟුලි නිම්සාරා විජේසූරිය නමැති 5 හැවිරිදි ගැහැනු දරුවෙකි.

වැඩිමහල් දරුවා වූ අදීෂ නෙතුමින වැලිකන්ද කනිටු විදුහලේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අතර බාල දරුවා වූ ගගුලි නිම්සරා ලබන වසරේදී එම විදුහලේ 1 ශ්‍රේණියට ඇතුළත් කිරීමට නියමිතව තිබුණි. බීමත්ව සිටි දරුවන්ගේ පියා නිවසට සැතපුමක් පමණ දුරින් පිහිටි මාඔයේ බොලගම මංකඩට දිය නෑමට දරුවන් දෙදෙනා සිය යතුරුපැදියෙන් කැඳවාගෙන එහි යාමට සූදානම් වන විට ඔවුන්ගේ මව සහ කිරි අම්මාද බලවත් සේ ඊට විරෝධය පළකර ඇත. එහෙත් එය නොතකමින් ඔහු දරුවන් දෙදෙනාද රැගෙන යතුරුපැදි වේගයෙන් පිටත්ව ගොස් තිබේ. මද වේලාවකට පසුව නිවසට පැමිණි ඔහු දරුවන් එහි නොමැති බව දැන බිරිඳ සමග යතුරුපැදියෙන්ම මාඔයේ ඔවුන් දිය නෑ ස්ථානයට ගොස් තිබේ. දරුවන් දෙදෙනා අතුරුදන් වී ඇති බව දුටු බිරිඳගේ කෑ ගැසීම ඇසී එතැනට එක් වූ අවට ජනතාව දරුවන් සෙවීමට පටන්ගෙන තිබේ.

වැලිකන්ද ප්‍රදේශය කම්පා කළ මෙම සිද්ධිය ගැන තොරතුරු සොයා අප වැලිකන්දේ පිහිටි එම නිවසට යන විට එම දරුවන්ගේ මව වූ ඇන් ජී. බණඩාර මැණිකේ (41) මහත්මිය දියේ ගිලී මියගිය තම පුතුගේ සිරුර රැගෙන ඒම සඳහා කෑගල්ල මහ රෝහලට ගොස් සිටි අතර නිවසේ සිටි කිරි අම්මා වන ඩී. ඒ. සෝමාවතී (71) මහත්මිය අප සමග මෙසේ කීවාය.

‘‘මියගොස් ඇත්තේ මගේ දුවගේ දරුවන් දෙදෙනායි. මමත් පදිංචිව ඉන්නේ දුවගේ ගෙදරමයි. පසුගිය සිකුරාදා දහවල් එකහමාරට විතර හොඳටම බීමත්ව ගෙදර ආපු බෑණා දරුවෝ දෙන්නට මාඔයේ දිය නාන්න යන්න කතා කළා. වෙනදා ළමයි දෙන්නා නාන්නේ ගෙදරින්මයි. දුවත් මමත් දෙන්නාම එයට විරුද්ධ වුණා. නමුත් බෑණා දරුවෝ දෙන්නා මෝටර් සයිකලේ නංවාගෙන වේගයෙන්ම පිටත්ව ගියා. ඊට ටික වේලාවකට පස්සේ ළමයි දෙන්නාගේ ඇඳුම් ටිකත් අරගෙන ගෙදර ආපු බෑණා දරුවෝ ගෙදර ආවාද කියලා ඇහුවා. අපි ආවේ නෑ කිව්වට පස්සේ එහෙනම් ඔයට වැටෙන්න ඇති කියලා බයිසිකලය ආපසු හරවාගෙන යන්න හදනකොට දුවත් ඒකේ නැගලා ගියා.

පස්සේ බෑණා දරුවෝ හොයන්න කියලා ඔයට පැනලා තියෙනවා. බෑණනත් ගිලෙනවා දැකපු කීප දෙනෙක් එයාව පැනලා බේරගෙන ගොඩට ගෙනත් තියෙනවා. ළමයි එක්ක ඔයට ගිය බෑණා උණ පඳුරක් යට බයිට් කකා ඉන්නකොට නින්ද ගිහින් තියෙනවා. ඇහැරිලා බලනකොට ළමයි දෙන්නා දකින්න ලැබුණේ නැති නිසා කාටවත් නොකියා ගෙදර ඇවිදින් තියෙනවා. දරුවන්ගේ අතුරදන්වීම ගැන එතැන හිටපු අය පොලිසියටත් දන්වලා තියෙනවා. පොලිසියෙන් එනකොට පිරිසක් ඔයට බැහැලා දරුවෝ දෙන්නා ගැන හොයනකොට තවත් කට්ටියක් බෑනට බැණලා පහර දෙන්න පටන් අරගෙන තියෙනවා. පොලිසිය ඒ පාර එයාව බේරාගන්න පොලිසියට අරගෙන ගිහින් තියෙනවා.

මාඔයේ දියේ ගිලී මියගිය පිරිමි දරුවාගේ සිරුර එදින සිකුරාදා දින සවස 4.00 ට පමණ සොයාගත් අතර ගැහැනු දරුවාගේ සිරුර සොයා ගැනීම සඳහා පොලිසියේ හා නාවුක හමුදාවේ කිමිදුම් කණ්ඩායම් එක්ව සිටි අතර ගැහැනු දරුවාගේ සිරුර සෙනසුරාදා සවස 5.00 ට පමණ සිද්ධිය වූ ස්ථානයේ සිට කිලෝ මීටරයක් පමණ දුරින් වූ යෝදගම ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකි විය. මියගිය දරු දෙදෙනාගේ අවසන් කටයුතු ඊයේ (27 වැනිදා) සවස සිදු කිරීමට නියමිතව තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40