හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි හෙල්මට් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවක මෙම ගින්න අද (21) පෙරවරුවේ හටගෙන තිබුණා.
ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව දසත නිව්ස් වෙත පවසා සිටියේ, ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ අටක් යෙදවූ බවයි.
මේ වනවිට ගින්න පාලනය කර ඇති අතර අතර, ගින්නට සිරවූ තවත් පුද්ගලයින් සිටීදැයි සොයා සෝදිසි මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
2
+1
1
+1
19
+1
+1













