මට ගමට යන්න බැහැ – කටකාර මන්ත්‍රී ජනපති ඉදිරියේම මහින්දානන්දට අනතුරු අඟවයි

පොදුජන පෙරමුණ නියෝජනය කරන චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට පොහොර හිඟය මුල්කොටගෙන අනතුරු ඇඟවීමක් කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු ඌව මහ ඇමතිවරයාද වන දසනායක මන්ත්‍රීවරයා අලුත්ගමගේ අමාත්‍යවරයාට මෙම අනතුරු ඇඟවීම කර තිබෙන්නේ ජනපතිවරයා ඉදිරියේම වීමත් විශේෂත්වයක්.

අපිට ගමට යන්නත් බැහැ

ජනපතිවරයාගේ උපන් දිනය නිමිත්තෙන් පැවැති භෝජන සංග්‍රහයේදී ජනපතිවරයා ඉදිරියට පැමිණි දසනායක මන්ත්‍රීවරයා පොහොර නැහැ කියා බදුල්ලේ ගොවීන් කෑගහන බවත් එනිසා තමන්ට ගමට යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බව සඳහන් කළ බවයි දැනගන්නට තිබෙන්නේ.

එතැනින් නොනැවතුණු මන්ත්‍රීවරයා කෘෂිකර්ම අමාත්‍යවරයා පසුගිය මහ මැතිවරණයේදී මහනුවරින් දෙවැනි තැනට පත්වූ බව මතක් කරමින් සඳහන් කර තිබෙන්නේ ඊළඟ මැතිවරණයේදී ඔහුට මොනවා වෙයිද කියා දන්නේ නැති බවයි.

පොහොර හිඟය ගැන ජනපතිගේ අදහස

ඊට පිළිතුරු දෙමින් ජනපතිවරයා සඳහන් කර තිබෙන්නේ 2019 ට වඩා මේ වර්ෂයේ පොහොර ඉල්ලුම වැඩි බවත් මේ වන විට රට තුළ තිබෙන්නේ කෘතිම පොහොර හිඟයක් බවයි.

ජනපතිවරයා මාතර යන්න කියනකොට නුවර ගිහින් වැඩක් නැති බවයි ජනපතිවරයාගේ අදහස් දැක්වීමත් සමඟ අලුත්ගමගේ අමාත්‍යවරයාද අදහස් දක්වමින් සඳහන් කර තිබෙන්නේ.

චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා විවෘතව අදහස් දක්වන්නෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42