කතරගම ඇසළ උත්සවයට යන බැතිමතුන්ගෙන් විශේෂ ඉල්ලීමක්

වගකීමෙන් යුතුව නිසි ලෙස කසළ බැහැර කරන ලෙස ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ උත්සවය
සැමරීම සහ වන්දනාමාන කටයුතු සඳහා කතරගමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා
සිටිනවා.

මෙවර රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැර 2026 ජූලි මස 15 දින සිට 2026 ජූලි මස 29 වන දින දක්වා පැවැත්වෙනවා.

සාමාන්‍යයෙන් කතරගම ඇසළ උත්සව සමයේ දී බැතිමතුන් ලක්ෂ 25කට අධික පිරිසක් කතරගමට
පැමිණෙන අතර එම කාලසීමාවේ දී කතරගම පූජා නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආශ්‍රිත ප්‍රදේශවල
දිනකට ඝන අපද්‍රව්‍ය ටොන් 75ක පමණ ප්‍රමාණයක් එක් රැස් වනවා.

වසර ගණනාවක සිට සිදුකළ දැනුම්වත් කිරීම් ඇතුළු කසළ කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් එක්රැස්වන කසළ ප්‍රමාණය ක්‍රමිකව අඩු වී මෙම තත්වයට පත්කර ගතහැකිවී තිබෙනවා.

මෙම තත්වය ද පාලනය කරමින් තවදුරටත් කසළ මගින් සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කතරගම ප්‍රාදේශීය සභාව, කිරිවෙහෙර රජමහා විහාරය සහ පෞද්ගලික ආයතන කතරගම පෙරහැර කමිටුව හා ඒකාබද්ධව වසර ගණනාවක සිට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර මෙවර ද එය ක්‍රියාක්මක කරනවා.

ඒ අනුව, පූජාභූමියට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයන් හි දී ගමන් මලු පරීක්ෂා කර පොලිතීන් මලු වෙනුවට පරිසර හිතකාමී ආදේශක මලු ලබා දීම, කතරගම පූජා භූමිය වෙත බැතිමතුන් ප්‍රවාහනය කරන බස් රථවල දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වීදි නාට්‍ය ආදී වූ නිර්මාණාත්මක ප්‍රවේශ ඔස්සේ දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වැඩසිටි කන්ද ප්‍රදේශය 2026 ජූලි 22 වැනි දින ශ්‍රමදානයක් මගින් පවිත්‍ර කිරීම, ප්ලාස්ටික් බෝතල් එක්රැස් කිරීම සඳහා දැල් ආවරණ කසළ රදවන ස්ථාපිත කර තිබීම සහ කසළ බැහැර කළ හැකි ස්ථාන සකසා තිබීම ඇතුළු විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නිවැරදිව කසළ බැහැර කිරීම සඳහා බැතිමතුන් යොමුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සංවිධාන කර ඇත. පාද යාත්‍රා මාර්ගයේ ද කසළ බැහැර කිරීමට අවශ්‍ය පහසුකම් සකසා තිබේ. එමෙන්ම ඇසළ උත්සවය අවසන් වූ පසු පූජා භූමිය ශ්‍රමදාන වැඩසටහන් මගින් පවිත්‍ර කිරීමටත් කසළ ප්‍රතිචක්‍රීකරණය සහ නිවැරදි ක්‍රමවේද යටතේ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා යොමුකිරීමටත් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආදී ප්‍රදේශ අවිධිමත් කසළ බැහැර කිරීම මගින් දූෂණයවීම
වැළැක්වීම වැඩසටහනෙහි අරමුණයි.

ශ්‍රී ලංකාවේ පිහිටි සුවිශේෂී ජල දේහයක් වන මැණික් ගඟ අපවිත්‍ර වන ලෙස කසළ බැහැර නොකිරීමටත්, කසළ බැහැර කිරීමට සකසා ඇති ස්ථානවලට පමණක් කසළ බැහැර කිරීමටත්, කසළ ජනනය වීම අවම කර ගැනීමටත්, විශේෂයෙන් ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය අවම කර ප්ලාස්ටික් කසළ ජනනය වීම අවම කිරීමටත් කටයුතු කරමින් පරිසර හිතකාමී අයුරින් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ උත්සවය සැමරීම සහ වන්දනාමාන කටයුතු සඳහා එක්වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වගා කිරීමට ඉඩ නොඳීම නිසා දිවුලපතාන ගම්වාසීන් දැඩි අසරණ වෙයි - බය කරලා එලවන්න මීහ#ක් නෙවෙයි ඉන්නේ
14:01
Video thumbnail
පුංචි මදුරුවෙක්ට ආණ්ඩුව බයයි නම් බලය දීලා යන්න
02:25
Video thumbnail
මමත් හරිනි, අගමැතිතුමියත් හරිනි - අපේ නමේ ගෞරවය රකින්න
01:21
Video thumbnail
පොහොට්ටුවේ කාන්තාවෝ පාර්ලිමේන්තුව වටලයි - උණුසුම් තත්ත්වයක්
05:43
Video thumbnail
ඩෙංගු බලන්න ගිහින් නිලධාරින්ට යකා නගියි"ඔයාගේ කුණු මෙතන දාලනේ තියෙන්නේ පච කියන්න එපා රට වටේම"
03:16
Video thumbnail
සුජීව නැගිටිලා ආණ්ඩුවට දුම් විසිවෙන්නම දෙයි - ජනතාව පොල්ල අතට ගන්නවා
07:21
Video thumbnail
කළුතර නගරයේ හා අවට ආරක්ෂාව තර කරයි - ආරක්ෂාවට පොලිස් නිලධාරින් 650ක් දායි
01:20
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් දැන් අතුරුදන් වෙලා - හොයාගන්නවත් නෑ
07:48
Video thumbnail
බන්ධනාගාරයේ මි#ගිය අය වෙනුවෙන් සජබ කාවින්ද පැන් වඩයි - අපිට දාරාගන්න බැරි කම්පනයක්
06:00
Video thumbnail
චරිත් සල්ලි ගත්තේ ඩොලර්වලින් ද, ඩිර්හම්වලින් ද - සජිත්ට දාපු කින්ඩිය
12:42