කොදෙව් කණ්ඩායමට දෙවන තරගයේ තරග ගාස්තුවෙන් 10%ක දඩයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරගයේ දී නියමිත කාලය තුළ පන්දුවාර යොමු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් පනවා තිබෙනවා.

එමෙන්ම ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවෙන් ලකුණු 2ක් කපා හැර තිබෙනවා.