නීතිමය අවසරයකින් තොරව ගජමුතු දෙකක් අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයෙක් සහ ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙක් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොම්පඤ්ඤවීදියේ මෙට්‍රෝ නිවාස සංකීර්ණය ආසන්නයේ දී මෙම වැටලීම සිදුකර ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38, 46 සහ 47 හැවිරිදි සැකකරුවන් තිදෙනෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1













