බන්ධනාගාර ගැටුමෙන් ජීවිතක්ෂයට පත් පිරිස අතර ඉන්දීය ජාතිකයෙකුත්

මීගමුව බන්ධනාගාරයේ පසුගිය දා ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන් සමඟ ඉන්දීය ජාතික රැඳවියෙක් ද ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 73 හැවිරිදි එස්. උන්නි ක්‍රිෂ්ණන් නමැති ඉන්දීය ජාතිකයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ.