පසුගිය දා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේදී ජීවිතක්ෂයට පත්, වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයෙකු වූ S.H.G චන්ද්‍රවංශ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (09) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව තලාහේන පොදු සුසාන භූමියේ දී ඒ මහතාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා.
වැලිකඩ බන්ධනාගාරයේ සිට අද පස්වරුවේ දේහය තලාහේන ප්‍රදේශයේ පෞද්ගලික මල්ශාලාවට රැගෙන එනු ලැබූ අතර බන්ධනාගාර නිලධාරීන්ගේ ගෞරවාචාර පුද කිරීමෙන් පසුව දේහය මල් ශාලාවේ තැන්පත් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1













