උපාධිදාරීන්ට ජපානයේ රැකියා ලැබෙන නව ගිවිසුමක් මේ සතියේ – ඇමති විජිත

පුහුණු ශ්‍රමිකයන් සහ වෘත්තීයවේදීන් සඳහා ජපානයේ නව රැකියා ලබාදීමේ අරමුණෙන් මෙම සතියේ දී නව ගිවිසුකමට එළඹෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

අවුරුද්දකුත් මාස 09ක් වැනි කෙටි කාලයක් තුළ වත්මන් ආණ්ඩුව නව රැකියා අවස්ථා හඳුන්වා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

”පුහුණු ශ්‍රමිකයන් සහ වෘත්තීයවේදීන්, උපාධිදාරීන් යවන්න අපි මේ සතියේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනවා, ජපානයට ශ්‍රී ලංකාවෙන් උපාධිදාරීන් යවන්න” යැයි අමාතවරයා සඳහන් කළා.

එමෙන්ම ජපානයේ ට්‍රක් වාහන රියදුරු රැකියාව සඳහා ද රැකියා අවස්ථා 1000ක් මේ වන විට ජපානයෙන් හිමිව ඇති අතර ඒ සඳශ සුදුසුකම් පවතිනා අයවළුන් සඳහා ඉල්ලුම් කළ හැකි බවද අමාත්‍යවරයා කියා සිටියා.

”හෙට වුණත් ජපානයට ට්‍රැක් ඩ්‍රයිවර්ස්ලා 1000ක් යවන්න පුළුවන්. එකම සුදුසුකම ඔවුන් ඉල්ලනවා ජපානයේ භාෂා පිළිබද තියෙන විභාගය JLPT Level 04 එක, ඒ වගේම JFT පාස්වෙලා තියෙනවා නම්, ජපාන භාෂාව යම් මට්ටමකට කතා කරන්න පුළුවන් කියන ඒ පරීක්ෂණය සමත් වෙලා තියෙනවා නම්, දැනටත් ඒ ගිවිසුම අනුව රැකියා 1000ක අවස්ථාවක් තියෙනවා. අපේ රටේ එහෙම සුදුසුකම් තියෙන අය ඉන්නවා නම් අපි ආරාධනා කරනවා හෙටම ඇණවුම් කරන්න” යැයි අමාත්‍යවරයා පැවසුවා,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59