මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ, අද (06) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි.
එම කමිටුව සඳහා සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු පත්කර ඇති අතර, විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක සහ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් සෙසු සමාජිකයින් ලෙස පත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
+1
+1
+1













