Update – හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් නිකුත් කරනු ලැබුවා.

2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ විධායක අංශයේ ශිෂ්‍ය භට නිලධාරියෙකු ලෙස බඳවා ගැනීම සහ එවකට පැවති ක්‍රමවේදයෙන් බැහැරව රජයේ මුදල් වැය කරමින් ඔහුට බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවකට සහභාගී වීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් දූෂණ චෝදනාව මත හිටපු නාවික හමුදාපතිවරටා අත්අඩංගුවට ගෙන අද (03) පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්