විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමේදී අදාළ සියලු ආයතන ජාතික සැලැස්මකට අනුව ක්‍රියාත්මක විය යුතුයි – ජනපති

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමේ දී අදාළ සියලු ආයතන ජාතික සැලැස්මකට අනුව ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවට එක් වෙමින්.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක ජාතික සැලැස්මට අනුව ආයතනික මට්ටමින් පැවරී තිබෙන වැඩ කොටස සහ ඒ අතරින් මේ වන විට ඉටු කර ඇති වැඩ කොටස මෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීම සඳහා ඒ ඒ ආයතන මට්ටමින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබඳ වාර්තාවක් ඉදිරි රැස්වීමට ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලැබුවා.

බන්ධනාගාරගත වූවන් අතරින් 70%ක් පමණ සිටින්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බව මෙහිදී අනාවරණය කෙරුණු අතර, දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බන්ධනාගාර තදබදය අවම කර ගැනීමේදී ඔවුන්ට අදාළව ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා.

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වීම වැළැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලූ අතර, ගුරුවරුන් සහ සිසුන් දැනුවත් කිරීම් ඇතුළු වැඩසටහන් 225ක් මේ වන විට පාසල් මට්ටමින් ක්‍රියාත්මක කර තිබෙන බවත්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල උපකුලපතිවරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් සමග සාකච්ඡා කර සිසුන් අතරින්ම කව ඇති කරමින් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බවත් අනාවරණය කෙරුණා.

පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම පිළිබඳ දිවයිනම ආවරණය වන පරිදි සමීක්ෂණයක් සිදු කිරීම කෙරෙහි ද අවධානය යොමු කෙරුණු අතර පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යසනය තුරන් කිරිමේ වැඩසටහන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අදාළ සියලු ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර පොදු සැලැස්මක් යටතේ ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පැහැදිලි කළා.

පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වල හිමිකරුවන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ සමඟ සම්බන්ධ කරගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් කැඳවීමටද මෙහිදී තීරණය කෙරුණා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර නඩු භාණ්ඩ කළමනාකරණය සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් හඳුන්වා දීම මෙන්ම පරීක්ෂණ කටයුතු සඳහා පවතින ප්‍රමාදයන් මඟ හරවා ගැනීමට නීති ක්ෂේත්‍රයේ සහ විද්‍යාත්මක ක්ෂේත්‍රයේ විශේෂඥ සහාය ලබා ගනිමින් පරීක්ෂණාගාර පහසුකම් විමධ්‍යගත කිරීමට ද අවධානය යොමු වුණා.

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සහ ඒවා නඩු භාණ්ඩ ලෙස රදවා ඇති ස්ථාන පිළිබඳ පිළිබඳ විධිමත් වාර්තාවක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා රස පරීක්ෂක වාර්තා ලබාගැනීමට අපේක්ෂා කරන තොග, රස පරීක්ෂක වාර්තා ලබා ගත් තොග සහ නඩු භාණ්ඩ ලෙස පවතින තොග ප්‍රමාණයන් පිළිබඳ වාර්තාවක් පවත්වාගෙන යාමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ද අවසන් කර ඇති අතර, එය ද කඩිනමින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මෙහිදී සඳහන් කෙරුණා.

දෙමව්පියන්ට දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වී ඇත්දැයි පෞද්ගලිකව පරීක්ෂා කරගත හැකි මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල ඔසුසල් මගින් පහසුවෙන් ලබාගැනීමට හැකි වන පරිදි වෙළෙඳපොළට හඳුන්වා දීම පිළිබඳවද අවධානය යොමු වුණා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නවීන පහසුකම් ස්ථාපිත කිරීම, රස පරීක්ෂක කාර්යාලයේ කටයුතු කාර්යක්ෂම කිරීම සහ රස පරීක්ෂක වාර්තා ලබා ගැනීම නවීන තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කිරීම, සහ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිවල සිදුවිය යුතු සංශෝධන පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.

මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය මෙරටට පැමිණීම වැළැක්වීම සඳහා නාවික හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ ඒකාබද්ධව විශේෂ මෙහෙයුම් සැලැස්මක් ක්‍රියාත්මක කරන අතර විශේෂයෙන්ම බෝට්ටු මගින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රියාවලිය නැවැත්වීම සහ එහිදී සිදුවිය යුතු නීති සංශෝධන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගන්නා බහුදින ධීවර යාත්‍රා ඇතුළු වාහන රාජසන්තක කිරීමේ නීතිමය බලතල ශක්තිමත් කිරීම පිළිබඳව ද අවධානය යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පද්මේ සමඟ සබඳතා පැවැත්වූ සිද්ධියකට ප්‍රකාශයක් දී SDIG වරුණ ජයසුන්දර CIDයෙන් පිටව යයි
00:57
Video thumbnail
ආර්ථිකය ගැන හර්ෂද සිල්වා කිව්ව දේ - ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වෙලා දරිද්‍රතාවය දෙගුණ වෙලා
09:25
Video thumbnail
ලාල්කාන්ත ගොවියන්ට කිව්ව සැර කතාව - බත සපයන ගොවියා විතරක් නෙවෙයි ප්‍රධාන
10:27
Video thumbnail
චැනල් දෙකකට ලාල්කාන්තගෙන් සැර සත්තමක් - විපක්ෂයේ හ#තුරොත් එක්ක මිතුරුකම් කරන ගොවියන් ගැන කණගාටුයි
03:21
Video thumbnail
විපක්ෂයේ අනුර අතුරුදන් වුණාට පස්සේ තමයි රටට මෙහෙම වුණේ - ආණ්ඩුවට තියෙන්නේ හිතෙන සූත්‍රයක්..
04:27
Video thumbnail
ඩෙංගු වසංගතය ගැන රාජිත කළ හෙළිදරව්ව - ඩෙංගුවලින් මිදෙන්න නම් විපක්ෂය හිරේ යන්න ඕනි
21:48
Video thumbnail
කොහොමද පොලිස් චණ්ඩි දාන සත්තම
01:26
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක්
00:38
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:12
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම
01:31