පද්මේ සමඟ සබඳතා පැවැත්වූ බව කියන සිද්ධියකට ප්‍රකාශයක් දෙන්න SDIG වරුණ ජයසුන්දර CIDයට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමඟ සබඳතා පැවැත් වූ බව කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ගැනීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අද (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුට මීට පෙර කර තිබූ කැඳවීමකට අනුවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අද දිනයේ එහි පැමිණ ඇත්තේ.