ගල් අඟුරු ගනුදෙනු විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව හෙට (01) දිනයේ සිට සාක්ෂි විමසීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
මෙම කොමිසම වෙත මේ වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 28ක්.
එම පැමිණිලිවල අඩංගු කරුණු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් කොමිසමට ඉදිරිපත් කිරීමට පැමිණිලිකරුවන්ට ලබාදී තිබූ කාලසීමාව ද අද (30) දිනයෙන් අවසන් වනවා.
මේ අතර එම කොමිෂන් සභාව මඟින් මේ වනවිට 100කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
මෙරට සිදුවු සියළු ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංගගේ සභාපතිත්වයෙන් යුත් එම පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරනු ලැබුවා.
අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න, එහි සෙසු සාමාජිකයින් වනවා.













