ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලෙස පෙනී සිටි අයෙක් අත්අඩංගුවට

ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත ලැබුණු පැමිණි අනුව සිදුකළ විමර්ශනයක ප්‍රතිපලයක් ලෙස මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 50 හැවිරිදි වියෙහි පසුවන ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු විසින් මීට පෙර ද මෙවැනි ආකාරයේ මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බවටත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted