බීමත් රියදුරන් 50ක් සහ අපරික්ෂාකාරී රියදුරන් 140ක් ඊයේ අත්අඩංගුවට

දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පොලිසිය විසින් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

එම මෙහෙයුම්වලට අදාළව ඊයේ (28) දින වාර්තාවක් පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පොලිසිය විසින් මෙම මෙහෙයුම්වලට අදාළව ඊයේ දිනයේ සැකකරුවන් 580 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

එමෙන්ම ඊයේ (28) දිනයේ දී පොලිසිය විසින් බීමත් රියදුරන් 50 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් තවත් පුද්ගලයන් 140ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted