අභියෝග හමුවේ ජනතාවට අවශ්‍ය වන්නේ බෙදී වෙන්වීම නොව එකමුතුකමයි – විපක්ෂ නායක සජිත්

පොසොන් පොහොය යනු හුදෙක් ආගමික උත්සවයක් පමණක් නොව මිනිසාගේ සිත, සමාජය සහ රාජ්‍යය යහපත් මඟකට යොමු කළ අධ්‍යාත්මික විප්ලවයක සංකේතයක් ලෙස ද හැඳින්විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පොසොන් පොහොය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

අභියෝග රැසක් හමුවේ රටේ ජනතාවට අවශ්‍ය වන්නේ බෙදී වෙන්වීම නොව එකමුතුකම බවත්, වෛරය නොව මෛත්‍රිය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

බුදුදහමේ හරය වන කරුණාව, දයාව, සමානාත්මතාව සහ සත්‍යගරුකභාවය, පෞද්ගලික ජීවිතවල මෙන්ම ජාතික ගමන්මඟේ ද මූලික වටිනාකම් බවට පත් කර ගැනීමට අදිටන් කර ගත යුතු බවට විපක්ෂ නායකාවරයා සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted