බෝතල්කර ගෙන ආ හෂීෂ් සහ කුෂ් තොගයක් ගුවන් තොටුපොළේ දී අල්ලයි

රුපියල් හත්කෝටි විසි දෙලක්ෂයක් වටිනා හෂීෂ් සහ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට උත්සාහ කළ ගුවන් මගීන් 05 දෙනෙක් අද (28) අලුයම තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් සියලුම දෙනා වයස අවුරුදු 30 සීමාවේ පසුවන කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මොවුන් අතර කාන්තාවක් ද පසුවන බවයි වාර්තා වුණේ.

එම සැකකරුවන් සිව්දෙනා සහ සැකකාරිය අද (28) අලුයම 04.30ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙහිදී මොවුන් විසින් නවතම උපක්‍රමයක් භාවිත කරමින් මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 06යි ග්‍රෑම් 110ක ප්‍රමාණය සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 11යි ග්‍රෑම් 62ක ප්‍රමාණය මත්පැන් බෝතල් 15ක් තුළ අසුරා රැගෙන ඒමටයි උපායශීලි වී ඇත්තේ.

එම මතද්‍රව්‍ය අඩංගු බෝතල් කටුනායක ගුවන් තොටුපොළෙන් නිකුත් කරන තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ මුද්‍රිත නම සදහන් පොලිතීන් බෑග් තුළ අසුරා රැගෙන විත් තිබූ බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සහ සැකකාරිය මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට අද (28) ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted