කොවිඩ් දස ගුණයක වේගයෙන් මඩින ක්‍රමයක් පවිත්‍රා සොයා ගනී

කොවිඩ් – 19 මර්දනය කිරීම සඳහා ප්‍රධානතම වගකීම තිබෙන සෞඛ්‍ය ඇමතිවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වසංගත මර්දනය සඳහා නව ක්‍රමවේදයක් සොයාගෙන තිබෙනවා.

ඒ කොවිඩ් – 19 නර්තනය සදහා පනවා තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන පුද්ගලයන්ට පනවා ඇති රු.5000 දඩය දස ගුනයකින් වැඩි කිරීමට යෝජනා කිරීමයි.

දඩය 50000 දක්වා ඉහළට

ඒ අනුව එම දඩය රු.50000 දක්වා වැඩි කළ යුතු බව යෝජනා කරන අමාත්‍යවරිය ඒ සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු බවයි පෙන්වා දෙන්නේ.

කොවිඩ් – 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්නන්ට මේ ආකාරයේ දැඩි දඬුවම් ලබා නොදෙන්නේ නම් වසංගතයෙන් රට බේරා ගැනීම ඉතා අසීරු බව පෙන්වා දෙන අමාත්‍යවරිය සිය අමාත්‍යාංශය හා පොලිසිය එක්ව මෙම දැඩි නීති රීති ක්‍රියාත්මක කරන බවත් පෙන්වා දෙනවා.

දැඩි දඩුවම් වසංගත මර්දනයට හොඳම බෙහෙත

එසේ දැඩි නීති නීති රීති පැනවීමෙන් වසංගතය මර්ධනය කර ගැනීමට හැකි බවට තමන්ට දැඩි විශ්වාසයක් තිබෙන බවයි අමාත්‍යවරියගේ අදහස වන්නේ.

එසේ දැඩි නීති රීති නීති රීති පැනවීමෙන් කොවිඩ් පළමු , දෙවැනි රැලි මර්ධනය කළා මෙන්ම දැන් ක්‍රියාත්මක වෙමින් පවතින තුන්වන රැල්ලද මර්දනය කිරීම අපහසු කාර්යයක් නොවන බව අමාත්‍යවරිය පෙන්වා දෙනවා.

කොවිඩ් – 19 මඩින මෙම නව ක්‍රමය අමාත්‍යවරිය හෙළිදරව් කළේ කළුතර රෝහලේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බව අරුණ පුවත් පුවත්පත වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42