අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 06 ශ්‍රේණියේ පළමු වාරයේ මොඩියුල සංස්කරණ සහිතව මුද්‍රණය කර අවසන්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමසා බැලීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායකගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ඊයේ (26) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

ලබන වසරේ සිට 06 ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය පූර්ණ සූදානමක සිටින බව මෙහිදි සඳහන් කෙරුණා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කුළුණු පහක් යටතේ ක්‍රියාත්මක වන අතර මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ලබා දුන් උපදෙස් පරිදි එම කටයුතු අධීක්ෂණය සහ පවත්වාගෙන යාම සඳහා කමිටු පහක් පත් කර ඇති බවත්, එම කමිටුවල කටයුතු සොයා බැලීම සහ ප්‍රගතිය විමසා බැලීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවත් මෙහිදී අනාවරණය වුනෑ.

2026 වසරේදී පළමු වසර සඳහා ආරම්භ කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විධිමත්ව ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව පත් කරන ලද විද්වත් කමිටුවේ යෝජනාද සැලකිල්ලට ගනිමින් 06 ශ්‍රේණියට අදාළ මොඩියුල අදාළ සංස්කරණ සහිතව මුද්‍රණය කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර, පළමු වාරයට අදාළ සියලුම මොඩියුල මේ වන විට මුද්‍රණය කර අවසන්ව ඇති බවත්, දෙවන වාරය සඳහා අදාළ මොඩියුලද සමඟ එකවර ලබා දීමට සැලසුම් කර ඇති බවත් සඳහන් කෙරුණා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විධිමත්ව පවත්වාගෙන යාමට අදාළව මග පෙන්වීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව අඛණ්ඩව මැදිහත් වන බවද මෙහිදි පෙන්වා දුන්නා.

එසේම මෙම මොඩියුල සංවර්ධනය කිරීම අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන බවද සාකච්ඡා විය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ සියලුම පාසල් වලට එනම් ද්විතීයික පාසල් 6500කට අවශ්‍ය උපකරණ මේ වන විට ලබා දී අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින් මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

විශේෂයෙන් සංවර්ධනය කළ යුතු පාසල් 373ක් හඳුනාගෙන ඇති අතර ඒවා සංවර්ධනය කිරීමේ කටයුතුද මේ වන විට සිදු වන බවටද කරුණු ඉදිරිපත් වුණා.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදි අදාළ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ප්‍රතිපත්තිමය මගපෙන්වීම් සිදු කිරීමට ජනාධිපති කාර්යාලය අඛණ්ඩව මැදිහත් වීම මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුලු නිලධාරීන්ගේ ඇගයීමට ලක් වුණා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සොයා බැලීම සඳහා යළි මාස තුනකින් රැස්වීමටද මෙහිදි එකගතාවය පළ කෙරුණා.

මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ඒ.සරත් ආනන්ද, උප සභාපති තිලක් ධර්මරත්න ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රධානීන් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58