උඩපළාත ප්‍රා.ලේ. කාර්යාලයේ ගබඩාවක කල් ඉකුත් වූ දිට්වා ආධාර තොගයක්

දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ ජනතාව වෙත බෙදාහැරීමට විදේශ රටවලින් ලද ආහාර, වියළි සලාක ඇතුළු ආධාර රැසක් අවතැන් වූවන්ට බෙදා නොහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩාවන්හි රඳවා තබාගෙන සිටින බවට ප්‍රදේශවාසීන් විසින් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත පැමිණිලිකර තිබුණා.

ඒ අනුව පසුගිය දා මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා සහ එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණන නිළධාරින් පිරිසක් විසින් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි වැටලීමක් සිදු කර තිබෙනවා.

එහිදි, ප්‍රාදේශීය ලේකම්වරිය සහ එම ගබඩාව භාර නිළධාරින් විසින් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයාට ගබඩාවන් තුල තිබෙන භාණ්ඩ ලැයිස්තුවක් හෝ අවතැන් වූවන්ට බෙදාහැර තිබූ දත්ත කිසිවක් ලබා දීමට අපොහොසත්වීම හමුවේ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා එම ගබඩා කාමර මුද්‍රා තබා එහි යතුරු ඔහු භාරයට ගෙන ඒ පිළිබදව අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ගම්පොළ පොලිසියට පැමිණිල්ලක්කර තිබෙනවා.

ඒ පිලිබදව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික තුඩවත්ත විසින් රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත් කිරිමෙන් අනතුරුව එම අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන නිළධාරින් විසින් ඊයේ (25) දින විමර්ෂණ කටයුත්තක් සදහා ගම්පොළ උඩ පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පැමිණ ප්‍රාදේශීය ලේකම්වරියගේ සහ එම ගබඩා භාර නිළධාරින්ගේ දැඩි විරෝධය හමුවේ ගබඩා කාමර 03 කඩා විවෘත කිරිමෙන් අනතුරුව එහි තුළ වූ ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ සොයා ගැනිමට හැකිව තිබෙනවා.

මෙම විමර්ෂණයේදි සහල්, ටින්මාළු, පරිප්පු, ක්ෂණික නූඩ්ලස්, ඇදුම් පැළදුම් ඇතුලු සනීපාරක්ෂක භාණ්ඩ රැසක් තිබි හමුවූ අතර ඉන් ආහාර ද්‍රව්‍ය රැසක්ම කල් ඉකුත් වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

විමර්ෂන කටයුතු සදහා පැමිණි නිළධාරින් එම ගබඩාවේ තිබූ භාණ්ඩ ලැයිස්තුවක් භාරයට ගෙන එම ගබඩා කාමර වසා දමා එහි යතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පොලිස් නිළධාරින් වෙත භාර දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ බලන්න පණුවෝ දඟලනවා - "ඊයේ වැස්සට වෙන්න ඇති..රෑත් සුද්ද කළා අපි"..සිංහපුර ඩෙංගු පරීක්ෂාව
05:24
Video thumbnail
හදිසියේම පාර්ලිමේන්තුවට ආ අමුත්තන් - කොහොමද එයාලා දුන්න ආචාරය
01:07
Video thumbnail
චරිත් අත්අඩංගුවට ගැනීම ගැන සජබ වරුණගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - ප්‍රබල වීඩියෝවක් එළියට දායි
20:07
Video thumbnail
මම කිසිම පක්ෂ දේශපාලනයක නෑ දැන් - අගමැති - ජනපති එක්ක සාකච්ඡාවක් දෙන්න
18:47
Video thumbnail
ජනපති ඇවිත් කිව්ව දේට දායාසිරි කට උත්තර නැතිවෙන්න කියයි - ශානි, රවී අපේ සතුරෝ නෙවෙයි - විහිළු කතානේ
12:39
Video thumbnail
පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..දායාසිරි - කුමාර ජයකොඩි යකා නටයි - ඇයි ඔයා පැන පැන දෙන්නේ
11:43
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ නඩුව අගෝස්තු 21දක්වා කල් යයි - අපි සම්පූර්ණයෙන්ම මේක හෙළා දකිනවා
03:06
Video thumbnail
ට්‍රීට්මන්ට් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි - මූ තියෙනවා කැමරාව මට තේරුණා
01:15
Video thumbnail
දයාසිරි කුපිත වී යකා නටයි - ඩෙංගුවලින් අද රට ඉවරෙටම ඉවරයි..ඇමතිත් නෑ නියෝජ්‍ය ඇමතිත් නෑ..
02:12
Video thumbnail
චරිත් සහ විජයදාසගේ පුතා ගැන ආනන්ද විජේපාල කට අරියි - අල්ලස් ගැනීම බරපතළ ක්‍රියාවක්
04:42