රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත මේ වන විට පැමිණ තිබෙනවා.

එම කාර්යාංශය විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.