ඇහැටුවැව පොලිස් වසමේ ඇඹෝගම ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව ඇහැටුවැව පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 46 ක් වූ ඇඹෝගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම මරණකරු හා ඔහුගේ මස්සිනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් කතුරකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෘත ශරීරය ගල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඇහැටුවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
1
+1
+1













