කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවට පාර්ලිමේන්තුවේ උපරිම සහය – කථානායක

ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ස්ථාපිත කර ඇති කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව ස්වාධීනව ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බව එහි
සභාපතිනි ග්‍රේස් ආශිර්වාදම් ( Ms. Grace Asirwatham) ඇතුළු කොමිසමේ සමාජිකයින් ඊයේ (23) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී හමුවූ අවස්ථාවේ දී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ප්‍රකාශ කළා.

එහිදි දසවෙනි පාර්ලිමේන්තුව විසින් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ මෙම ස්වාධීන කොමිෂන් සභාවේ අභිනව සාමාජිකයින් වෙත කථානායකවරයා සිය උණුසුම් සුබ පැතුම් එක් කර සිටියා.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51%ක ප්‍රතිශතයක් නියෝජනය කරන කාන්තාවන් වෙනුවෙන් සුවිසල් භාරදූර කාර්‍යභාරයක් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවට පැව‍රී ඇති බව මෙම අවස්ථාවේදි කථානායකවරයා වැඩි දුරටත්
පැහැදිළි කළා.

ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහි කළේ ශ්‍රී ලංකාව බවත් දකුණු ආසියාවේ අනෙකුත් රටවලට සාපේක්ෂව අප රටේ කාන්තාව සමාජයේ ඉදිරියට පැමිණ ඇති බවත් කථානායකවරයා වැඩිදුරටත් පවසා සිටියේය. එම නිසා තව දුරටත් ශ්‍රී ලංකාවේ කාන්තාව සවිබල ගැන්වීම වෙනුවෙන් නිවැරදි සහ ස්වාධීන තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව කටයුතු කළ යුතු බවද ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මෙම අවස්ථාවේදී අවධාරණය කරනු ලැබුවා.

දැනට කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ පවතින පරිපාලන සහ අනෙකුත් යටිතල පහසුකම් ගැටලු සහ ඉදිරි කටයුතු පිළිබදව දෙපාර්ශවය අතර මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වුණා.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සභාපතිනිය ඇතුළු එහි සමාජිකයින් වන කේ.ඩි.ආර්. ඔල්ගා, ශ්‍රීන් සාරූර් (Ms. Shreen saroor), ජනහා
සෙල්වාරස් (Ms. Janaha selvaras), ජයන්ති උත්පලා, වෛද්‍ය පද්මා ගුණරත්න, ආචාර්ය කලන සේනාරත්න සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා
00:46
Video thumbnail
හදිසියේම නාමල් හමුවූ ප්‍රබලයා
00:43
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:41
Video thumbnail
මළපහ කරන පැකට් එකක් අරන් පාර්ලිමේන්තු ආ චාමර
01:01
Video thumbnail
ජයවර්ධනපුර රෝහල පාලනය කරන්නේ මාලිමාවේ විදුලි කාර්මිකයෙක්
01:11
Video thumbnail
යාළුකමට තවත් උදාහරන කුමරටද ? හඳවතට දැනෙන කතාවක්
01:36