විවිධ අපරාධ සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අහුන්ගල්ල, මරදාන ප්‍රදේශයේ පදිංචි ‘ගාල්ලේ චතූ’ නමැත්තාගේ නිවසට සහ මෝටර් රථයකට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
දැනට සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ඊයේ අලුයම් කාලයේ නිවසේ තාප්පයෙන් පැන නිවස පරිශ්‍රයට ඇතුළු වූ පුද්ගලයෙක් හෝ පිරිසක් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවයි.
ගිනි තැබීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනවරණය වී නැහැ.
මේ වනවිට විදෙස්ගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙය සිදුකරවන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
අහුන්ගල්ල පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













