ග්‍රාම නිලධාරීන් අද (24) සිට සියලු ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ, ගමන් වියදම් සඳහා ප්‍රමාණවත් ඉන්ධන දීමනාවක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බවයි.
අද (24) පැවති මාධ්‍ය හමුවක දී ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ පැවසුවේ සිය ඉල්ලීම්වලට කඩිනමින් විසඳුම් ලබානොදුනහොත් එළඹෙන 30 වනදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට ද එළඹෙන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
3
+1
+1
+1
+1













