අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරිය ඝාතනය කළ බව කියන සැකකාර විවාහක පෙම්වතාට සහාය දැක්වූ බවට
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු අත්අඩංගුවට ගන තිබෙනවා.
ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරුට සැඟව සිටීමට සහ ඔහුව තෙල්දෙණිය රෝහල් පරිශ්‍රයේ සිට මෝටර්
රථයකින් තම නිවස කරා රැගෙන ගිය බවට රියදුරුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව සඳහන්.
නුවරඑළිය පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කුණ්ඩසාලේ ප්‍රදේශයට ගොස් (24) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම රියදුරා ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුගේ මිතුරෙකු බවත්, ප්‍රධාන සැකකරුගේ දුරකථන දත්ත ඔස්සේ සැකකාර රියදුරාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
2
+1
+1
+1
+1
1













