පාස්කු ප්‍රහාර විමර්ශන තතු අමෙරිකාවෙන් ඉල්ලුවාදැයි එජාපය රජයෙන් විමසයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු වී ආසන්න දිනයක දී, ශ්‍රී ලංකාවේ විමර්ශන ආයතන සතුව ප්‍රමාණවත් විශේෂඥ දැනුමක් නොතිබූ බැවින්, ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැත්වූ දුරකථන සංවාදයේදී, එවකට මෙරට අග්‍රාමාන්‍ය රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටි බව එක්සත් ජාතික පක්ෂය විසින් නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.

ඒ අනුව රහස් පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), හමුදා බුද්ධි අංශ සහ රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ඒකාබද්ධව අමෙරිකාවේ FBI ආයතනය විසින් ප්‍රහාර පිළිබඳව පූර්ණ විමර්ශනයක් පවත්වනු ලැබූ බවත් එම නිවේදනයේ සඳහන්.

ඒ සම්බන්ධයෙන් වාර්තා කරන ලද සියලුම තොරතුරු සහ එකතු කරන ලද ද්‍රව්‍ය පදනම් කර ගනිමින්, FBI ආයතනය විසින් ශ්‍රී ලංකා රජයට වාර්තාවක් නිකුත් කළ බවත්, මෙරට සියලුම අදාළ බලධාරීන් එය පිළිගත් බවත් එක්සත් ජාතික පක්ෂය පවසනවා.

2020 නොවැම්බර් 12 වැනි දින, FBI හි විශේෂ නියෝජිත මෙරිලී ආර්. ගොඩ්වින් (Merrilee R. Godwin) විසින් කැලිෆෝනියා මධ්‍යම දිස්ත්‍රික්කය සඳහා වන එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ පිටු 71 කින් යුත් දිවුරුම් ප්‍රකාශයක් ගොනු කරන ඇති බවට පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂය වසර දෙකක විමර්ශනයකින් පසුව, එනම් 2020 දෙසැම්බර් 11 වැනි දින ලොස් ඇන්ජලීස්හි එක්සත් ජනපද දිස්ත්‍රික් උසාවියේ අපරාධ නඩුවක් ගොනු කළ බව සඳහන් කර තිබෙනවා.

පැමිණිල්ලේ නම් කර ඇති විත්තිකරුවන් (මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් සහ අහමඩ් මිහාන් හයාතු මොහොමඩ්), ප්‍රහාරයට සම්බන්ධ අනෙකුත් සැකකරුවෝ නඩුව ගොනු කරන අවස්ථාව වන විටත් ශ්‍රී ලංකාවේ රැඳවුම් භාරයේ පසු වූ බවත් එක්සත් ජනපද විමර්ශනයට අදාළ සම්පූර්ණ තොරතුරු සහ සාක්ෂි FBI ආයතනය හෝ අධිකරණ දෙපාර්තමේන්තුව හෝ සතුව බැවින්, රජය විසින් නැවත විමර්ශන ආරම්භ කර ඇති පසුබිමක මේ තොරතුරුත්, සාක්ෂින් ලබා ගැනීම සඳහා ඇමරිකානු රජයට අයදුම්පතක් ඉදිරිපත් කර තිබේද යන්න එක්සති ජාතික පක්ෂ විසින් ප්‍රශ්න කරනවා.

එසේ අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ නම් ඒ සඳහා ලැබුණු පිළිතුර කුමක්ද යන්නත් එක්සති ජාතික පක්ෂය විමසනවා.

එසේ නොමැති නම්, රජය අයදුම්පතක් ඉදිරිපත් නොකිරීමට හේතුව කුමක්ද යන්නත් එක්සත් ජාතික පක්ෂ විසින් එම නිවේදනයේ අවසානයේ ප්‍රශ්නකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01