ලංගම බසයේ පසුපස රෝදයකට මැදි වූ ගුරුවරියක් ජීවිතක්ෂයට

A9 මාර්ගය මාර්ගයේ පූනෑව, කුඹුගොල්ලෑව ප්‍රදේශයේදී අද (18) උදැසන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 56 හැවිරිදි, ගුරුවරියක් ලෙස සේවය කළ අයෙක්.

මහනුවර සිට වවුනියාව දක්වා ගමන්ගන්නා බස් රථය යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව යතුරුපැදියේ ගමන්ගත් එම
ගුරුවරිය බස් රථයේ පසුපස රෝදයකට යටවීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර,පූනෑව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

  1. බොහොමයක් මෙවැනි අනතුරුවලට හේතුව බස් රථ රියදුරන්ගේ ඉතාමත් අපරීක්ෂාකාරි සහ අනතුරුදායක රියධාවනය. පුද්ගලික බස් රථ සමග එකිනෙකා ඉස්සර කර යාමේ අනවශ්‍ය තරඟයක් ඇතිකරගෙන සිටීම බොහෝ විට මහාමාර්ග වල දක්නට ලැබෙනවා.
    එවැනි බස් රථ වලට එරෙහිව නිසියාකාරව ක්‍රියාත්මක වීමක් නම් දක්නට නොලැබීම ඉතාම කණගාටුදායක තත්වයක්



අපගේ නවතම වීඩියෝ පුවත්