හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ, එක්සත් ජාතික පක්ෂයේ සාමාජිතකත්වයෙන් ඉවත් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහගෙන් සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කළේ එවැන්නක් සම්බන්ධයෙන් තමාට නිල වශයෙන් මේ වන තෙක් දැනුම් දී නොමැති බවයි.













