NDB බැංකුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව ගැන මුදල් කාරක සභාවේ අවධානය

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, 2026 මාර්තු 12 දිනැති අංක 2479/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති සහ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ 2026 ජුනි 09 දිනැති අංක 2492/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය ලබා දීම සිදු වුණා.

එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම අනුමැතිය හිමිවුණා.

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ මුදල් ප්‍රතිපත්ති සම්පාදනය ඇතුළුව එහි කාර්යයන් ඉටු කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවට බාහිර පාර්ශ්වවලින් සංඛ්‍යාලේඛන සහ තොරතුරු රැස් කර ගැනීමට අවශ්‍ය වනවා.

එම සංඛ්‍යාලේඛන, තොරතුරු වාර්තාකරණයට යටත් වන පුද්ගලයන් සහ අදාළ අවශ්‍යතා උල්ලංඝනය කිරීමේදී ගත හැකි පරිපාලන ක්‍රියාමාර්ග නියම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ, 2026 මාර්තු 12 දිනැති අංක 2479/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති ඉදිරිපත් කොට තිබෙනවා.

මෙම රීති මගින් සංඛ්‍යාලේඛන හා තොරතුරු ඉල්ලා සිටීම සඳහා නිවේදන නිකුත් කිරීමේ බලය ශ්‍රී ලංකා මහ බැංකුවේ බලයලත් නිලධාරීන් වන නියෝජ්‍ය අධිපතිවරුන්ට, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ
ප්‍රධානියාට සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට පමණක් සීමා කෙරෙනවා.

තවද, ලබා දෙන ලද තොරතුරු අදාළ අරමුණ සඳහා පමණක් භාවිතා කිරීම ඇතුළු ආරක්ෂාකාරී පියවරයන්
මෙම රීති මගින් තහවුරු කිරීම සිදු වනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇතැම් රාජ්‍ය ණය දත්ත ප්‍රකාශයට පත් නොකිරීම පිළිබඳව කාරක සභාවේ අවධානයට ලක් වූ අතර එවැනි තොරතුරු දැනට රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සතුව පවතින බවත්, එමඟින් මින් පෙර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ආකෘතියට අනුව ණය සංඛ්‍යාලේඛන නැවත සැකසීමේ සීමාවන් පවතින බවත්, කාරක සභාවට මෙහිදී නිරීක්ෂණය වුණා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශන හරහා රාජ්‍ය ණය තොරතුරු වෙත ප්‍රවේශ වීමේ හැකියාව පවත්වා ගැනීමේ වැදගත්කම කාරක සභාව විසින් පෙන්වා දුන් අතර, රජයේ සුරැකුම්පත් සඳහා වන ද්විතීයීක වෙළඳපොළට අදාළ වාර්තා ප්‍රකාශයට පත්කි රීමේ ප්‍රමාදය පිළිබඳව ද අවධානය යොමු කෙරුණා.

තවද, සංචාරකයන් විසින් භාවිතා කරනු ලබන විවිධ ගෙවීම් ක්‍රම හේතුවෙන් සංචාරක ආදායම නිවැරදිව ගණනය කිරීම අභියෝගයක් වන බවත් එවැනි ඇස්තමේන්තුවල නිරවද්‍යතාව ඉහළ නැංවීම සඳහා දත්ත රැස් කිරීමේ සමීක්ෂණ වැඩිදියුණු කිරීම අවශ්‍ය බවත් කාරක සභාව විසින් පෙන්වා දෙනු ලැබුවා.

ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ 2026 ජුනි 09 දිනැති අංක 2492/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රීති පිළිබඳව ද කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය ලබා දීම සිදු විය. “2026 අංක 2 දරන අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” යනුවෙන් හඳුන්වනු ලබන මෙම රීති මගින් දැනට පවත්නා අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීතිය තවදුරටත් සංශෝධනය කෙරෙනවා.

ඒ අනුව, ඕනෑම මාසයක් තුළ අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා සෑම භාණ්ඩ අපනයනකරුවෙකුම එකී ආදායම, අවසර ලද ගෙවීම් සඳහා පමණක් භාවිතා කොට ශේෂය එළඹෙන මාසයේ 10වන දින හෝ ඊට ප්‍රථම හෝ ශ්‍රී ලංකා රුපියල් බවට අනිවාර්යයෙන්ම පරිවර්තනය කළ යුතු වනවා.

මීට පෙර 2024 වසරේ හඳුන්වාදුන් රෙගුලාසි මගින් ලබා දී තිබූ මාස 3ක කාල සීමාව මෙසේ එළඹෙන මාසයේ 10 වන දින දක්වා අඩු කර තිබෙනවා.

විනිමය අනුපාතිකයේ සහ විදේශ විනිමය වෙළඳපොලේ පවතින අස්ථාවරත්වය මෙන්ම විදේශ විනිමය ද්‍රවශීලතාවයේ හිඟකම සැලකිල්ලට ගෙන අපනයන ලැබීම්, ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම සඳහා අපනයනකරුවන්ට ලබා දී ඇති කාලය අඩු කිරීම අවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙහිදී පෙන්වා දුන්නා.

මෙම පියවර මගින් වෙළඳපොළ විශ්වාසය අඩු වීම, විදේශ විනිමය වෙළඳපොළේ අස්ථාවරත්වය ඇති වීම ආදී තත්ත්වයන් ඇති විය හැකි බව කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී. මෙම පියවර, විනිමය අනුපාතිකයේ අස්ථාවරත්වය සහ වත්මන් විදේශ විනිමය සැපයුමේ හිඟය පියවා ගැනීම සඳහා කෙටිකාලීන ප්‍රතිපත්තිමය මෙවලමක් ලෙස හඳුන්වා දී ඇති බවත්, වෙළඳපොළ තත්ත්වයන් ස්ථාවර වූ පසු එය ලිහිල් කරන බවත් මහ බැංකු නිලධාරීහු මෙහිදී සඳහන් කළා.

තවද, NDB බැංකුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ද කාරක සභාවේදී සාකච්ඡා වුණා.

මීට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාර්ය ඇතුළු අදාළ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර මීට අදාළව සිදුවන වෝහාරික විගණනයකින් පසු ඒ පිළිබඳව නැවත සළකා බැලීමටත් තීරණය වුණා.

කාරක සභා සාමාජික නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ රවුෆ් හකීම්, රවි කරුණානායක, එම්.කේ.එම්. අස්ලම්, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, සුනිල් රාජපක්‍ෂ, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර ද මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූ අතර පාර්ලිමේන්තුවේ අයවැයසහ ආර්ථික විශ්ලේෂණය ශක්තිමත් කිරීම පිළිබඳ තාක්ෂණික සහාය ලබා දීමේ වැඩසටහනක් සඳහා මෙරටට පැමිණ සිටි ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ ප්‍රජාතන්ත්‍රවාදී එකමුතුවේ (House Democracy Partnership) සහ කොංග්‍රස් අයවැය කාර්යාලයේ (Congressional Budget Office) නියෝජිත පිරිසක් ද නිරීක්ෂකයින් ලෙස මෙම කාරක සභා රැස්වීමට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57