ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා ඇමති සැරසෙයි

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පවසනවා.

ආසියානු රග්බි ශූරතාවලියේ දකුණු කොරියාවට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ තරගය සඳහා ශ්‍රී ලංකා රගර් කණ්ඩායමට කොරියාවට යෑමට නොහැකිවීම පිළිබඳව මෙලෙස රග්බි සම්මේලනයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට කොරියාව සඳහා යෑමට අවශ්‍ය වීසා නියමිත කාලය තුළ දී ලබාගැනීමට රග්බි සම්මේලනය අපොහොසත්වීම හේතුවෙන් මෙලෙස විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ වීසා සහ ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ වගකීම සම්පූර්ණයෙන්ම අදාළ ක්‍රීඩා සම්මේලනයට මිස අමාත්‍යාංශයට නොමැති බවයි.

ඒ, අනුව ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට දකුණු කොරියාව යෑමට නොහැකිවීම පිළිබඳ සම්පූර්ණ වගකීම රග්බි සම්මේලනය විසින් ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර බන්ධනාගාරයට ආ බලධාරින් පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට යන හැටි
00:53
Video thumbnail
මහර බන්ධනාගාරයේ කුස්සියට ගි# තියයි.."සර් කුස්සියට ගි# තියලා..ඉක්මනට වාහනේ ගන්න"
01:15
Video thumbnail
යුද හමුදාපති දැඩි ආරක්ෂාව මැද පිටව ගිය හැටි - කොහොමද දෙන ආරක්ෂාව
01:16
Video thumbnail
එක පාරම මහර බන්ධනාගාර අහසෙන් මතුවූ දේ මෙන්න - මොකක්ද මේ කළු දුමක් එන්නේ ?
02:08
Video thumbnail
බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරි සරණ අයුරු මෙන්න - තවත් සන්නද්ධ රථ පැමිණෙයි
01:35
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ
00:42
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ - කොහොමද ඒ නිලධාරින්ගේ ගැම්ම
01:41
Video thumbnail
UNI BUFFEL සන්නද්ධ රථ පෝළිමට මහර බන්ධනාගාරයට එන හැටි - මෙන්න නවතම දර්ශන
02:01
Video thumbnail
තවත් SF නිලධාරින් සෙට් එකක්ම මහර බන්ධනාගාරයට
01:18
Video thumbnail
යුද හමුදාපතිත් දැඩි ආරක්ෂාව මැද මහරට
01:19