2026 FIFA ලෝක කුසලානයේ පළමු පෙරළිය ප්‍රබල ස්පාඤ්ඤයට එරෙහිව කේප් වර්ඩ් කණ්ඩායමෙන්

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් වාර්තා වූ විශාලතම පෙරළිය සිදුකරන්නට පාපන්දු ලෝක කුසලානයට මුල්වරට සුදුසුකම් ලැබූ කේප් වර්ඩ් රාජ්‍යයට ඊයේ හැකියාව ලැබුණා.

ඒ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් හි මේ වනවිට දෙවන ස්ථානයේ පසුවන ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම සමඟ පැවති තරගය ගෝල රහිතව සම තත්ත්වයෙන් අවසන් කරමින්.

ඇමරිකාවේ ඇට්ලන්ටා හිදී H කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගය ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායමට එරෙහිව කේප් වර්ඩ් කණ්ඩායම දරුණු පාරජයක් උරුමකරගනු ඇති බවයි බොහෝ ප්‍රේක්ෂකයින් බලාපාරොත්තු වුණේ.

කෙසේ වෙතත් ස්පාඤ්ඤයේ ප්‍රබල ආක්‍රමණය හමුවේ නොසැලී සිටීමට මෙම අප්‍රිකානු ‘නිල් මෝරු’ සමත්වීම පාපන්දු ලෝකයේ විශාල අවදානයක් යොමුවුණා.

මෙම තරගයේ දී ස්පාඤ්ඤ ආක්‍රමණය ඉදිරියේ වීරයා බවට පත්වන්නට කේප් වර්ඩ් ගෝල රකින්නා වන 40 හැවිරිදි වොසින්හාට හැකියාව ලැබුණා.

ස්පාඤ්ඤ ඉදිරිපෙළ ප්‍රහාරකයින් විසින් කේප් වර්ඩ් දැලවෙත එල්ල කළ ඉලක්කගත වූ ප්‍රහාර හතක්ම සුරැකිව රැක ගන්නට වොසින්හාට ඊයේ රාත්‍රියේ හැකියාව ලැබුණේ ස්පාඤ්ඤය බලාපොරොත්තු වූ පහසු ජයග්‍රහණය සුනු විසුණු කරමින්.

තරගය අවසන් වෙත්ම වොසින්හා හැඟීම්බරව හඬාවැටෙද් දී අනෙකුත් කේප් වර්ඩ් ක්‍රීඩකයෝ ඔහුව වැළඳගනිමින් සිය කණ්ඩායම සිදුකළ පෙරළියේ සතුට සැමරුවා.

මේ අතර මෙම තරගයේ වීරයා වූ වොසින්හාට නොසිතූ ප්‍රේක්ෂක ආදරයක් තරගයෙන් අනතුරුව සමාජ් මාධ්‍ය ඔස්සේ ගල එන්නට වුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස තරගයට පෙර 50,000 පමණ වූ ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අනුගාමිකයින් සංඛ්‍යාව මේ වනවිට මිලියන 04 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
00:00
Video thumbnail
වීඩියෝවක් පෙන්වා පාස්කු ප්‍ර#රය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - වග කියන්න ඕනි එකාට ම#ණ දඩුවම දෙන්න ඕනි
06:41
Video thumbnail
අපි නාමල්ට කියන ස්ටිකර් ගහන්න කාලය හරි?
06:38
Video thumbnail
පොහොට්ටුව හදිසියේ ආණ්ඩුව අමතයි - ඉල්ලීම් 10ක් කරයි
29:54
Video thumbnail
ආර්ථික වර්ධනය ක්‍රම ක්‍රමයෙන් ඉහළට යමින් තියෙන්නේ - මේක හොඳ තත්ත්වයක්
05:00
Video thumbnail
රණවිරුවෙක්ගේ අතින් අල්ලාගෙන තිස්සකුට්ටි දීපු පොරොන්දුව
01:04
Video thumbnail
අලුත් බස් රථයේ රිබන් කපලා මාලිමා මන්ත්‍රීතුමා ඇතුලට ගිය හැටි
01:05
Video thumbnail
මුළු ගමම අඳුරු කරමින් ගමට පැන්න හොරු කරලා ගිය වැඩේ
02:00
Video thumbnail
ඩෙංගු වසංගතය තුරන් කරන්න රන්ජන් ජයලාල් ගේමට බහී
05:55
Video thumbnail
තාත්තගේ පාරේ බස් පදින ඩ්‍රයිවර් අයියා
00:40