ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ පැටලුනු සූරියවංශිට ශ්‍රී ලංකා පළමු එක්දින නායකයාගෙන් පාඩමක්

තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩයම සහ ඉන්දීය A කණ්ඩායම අතර තරගය ඉතා තියුණු තරගයකින් අනතුරුව සුපිරි පන්දුවාරයේ දී ජය ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩයමට හැකියාව ලැබුණා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ඉන්දීය යොවුන් ක්‍රීඩක වෛභව් සූර්යවංශි සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර ඇති වූ ගැටුම මේ වනවිට දෙස් විදෙස් මාධ්‍යවල ප්‍රධාන පුවතක් බවට මේ වනවිටත් පත්ව අවසන්.

සුපිරි පන්දුවාරයක් දක්වා ඇදී ගිය මෙම තීරණාත්මක තරගයෙන් ඉන්දීය A කණ්ඩායම පරාජයට පත්වීමෙන් පසු මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වුණා.

සුපිරි පන්දුවාරයේ දී තරගය ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටිය මැද දී ජය සමරමින් සිටින අවස්ථාවේ දී, සූරියවංශි සහ සූර්යන්ශ් ෂෙඩ්ජ් ක්‍රීඩාගාරය දෙසට ගමන් කරමින් සිටියදී, ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්
ඔවුන්ට යම් ප්‍රකාශයක් සිදුකර ඇති බව සඳහන්.

එම අවස්ථාවේ දී කෝපයට පත් සූරියවංශි සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ ඇති වූ බහින්බස්වීම දුරදිග යාමත් සමඟ සූරියවංශි විසින් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයෙක්ව තල්ලු කර දමන ආකාරය දැකගත හැකි වුණා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල මැදිහත්ව සූරියවංශිව වැළැක්වීමට කටයුතු කිරීමෙන් අනතුරුව එම තත්ත්ව සන්සුන් වුණා.

මේ අතර මෙම සිදුවීමෙන් පසු ශ්‍රී ලංකා පළමු එක්දින නායකයා වන අනුර තෙන්නකෝන් මහතා, ඉන්දීය යොවුන් ක්‍රීඩක වෛභව් සූර්යවංශි හමුව තිබෙනවා.

එහිදී අනුර තෙන්නකෝන් මහතා 15 හැවිරිදි සූර්යවංශිට උපදෙස් දී ඇත්තේ තම ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කර ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහුගේ වේගවත් නැගීම වටා ඇති බාහිර ශබ්ද නොසලකා හරින ලෙසයි.

එමෙන්ම සූර්යවංශිගේ සුවිශේෂී දක්ෂතාව “පරම්පරා දක්ෂතාවයක්” ලෙස විස්තර කළ ඇති අනුර තෙන්නකෝන් මහතා
ඔහුගේ නිර්භීත පිතිකරණයට ප්‍රශංසා කර තිබෙනවා.

මෙම දිරිගැන්වීමෙන් අනතුරුව 15 හැවිරිදි සූර්යවංශි විසින් අනුර තෙන්නකෝන් මහතාගේ ආශිර්වාදය පැතූ බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
2
+1
19
+1
3
+1
1
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted