ඕනෑම අර්බුදකාරී තත්ත්වයක් හමුවේ අධ්‍යාපනය රැකගත යුතුයි යන අධිෂ්ඨානය රජයට තිබෙනවා – අගමැතිනිය

ලෝකය තුළ උද්ගතවන ඕනෑම ගෝලීය අර්බුදකාරී තත්ත්වයක් හමුවේ අධ්‍යාපනය රැකගතයුතුයි යන හැඟීම රජය සතුව පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අධ්‍යාපනයේ වටිනාකම හොඳින් අවබෝධ කරගත් රජයක් ලෙස විවිධ ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවත් රටේ මානව සම්පත සංවර්ධනය සඳහා අයවැය ප්‍රතිපාදන ඔස්සේ විශාල මුදලක් යොදවා ඇති බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කරන්නේ.

ගාල්ල, දඩල්ල අල්-මුබාරක් විද්‍යාලයෙහි තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් අද (13) පැවති උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

“පාසල ගමට ඉතාමත්ම කිට්ටු සම්බන්ධයක් තිබිය යුතු තැනක්.මෙතන අපි දැක්කා පාසල ගැන ගමේ ජනතාවගේ සිත් තුළ තියෙන හැඟීම. අඩු සම්පත් ප්‍රමාණයක් තිබුණු පාසලක් ගමේ දරුවන් වෙනුවෙන් ආරක්ෂා කරගැනීමේ අදිටනින් ප්‍රදේශවාසීන් සියලුදෙනාම එකතුවෙලා එම පාසල ගොඩනගන්න එකතුවීම ඇත්තෙන්ම මුළු රටටම ලබාදෙන විශිෂ්ට ආදර්ශයක්.
ඔබ දන්නවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ අපේ දරුවන්ට ලෝකේ තියෙන අලුත්ම තාක්ෂණය ළඟාකරදීමේ අධිෂ්ඨානයක ඉන්නවා. ඒ නිසා තමයි සියලුම ද්විතීයික පාසල් සඳහා අවම වශයෙන් එක smart board එකක් හරි ලබාදෙන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම පාසල්වලට අවශ්‍ය අන්තර්ජාල පහසුකමුත් මේ වනවිට පාසල් 4000කට පමණ ලබාදීලා තියෙනවා. ඉතිරි පාසල් සඳහාත් මේ වසර අවසානයට පෙර අන්තර්ජාල පහසුකම් ලබාදීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පොරොන්දුවෙලා තියෙනවා.
හැබැයි තාක්ෂණය කියන්නේ නිවැරදි දේ දරුවන්ට ලබාදීම සඳහා භාවිතා කළයුතු මෙවලමක්. ඒ නිසා තමයි තාක්ෂණික අන්තර්ගතය දියුණු කිරීම සඳහා ගුරු පුහුණු, සම්බන්ධිත පන්තිකාමර වැනි වැඩසටහන් අප සංවිධානය කරන්නේ. රටක් විදියට අපට තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. අපගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අවශ්‍ය මානව සම්පත අප ගොඩනඟමින් යන්නේ. අප ඉලක්ක කරන මට්ටමට රට ගොඩනැගෙනතුරු අපට පුළුවන් තාක්ෂණය හරහා දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදෙන්න.
අපගේ රටේ ආර්ථිකය ගොඩනගමින් යන මේ මොහොතේ කුමන තත්ත්වයකදී වුණත් අධ්‍යාපනය අප රැකගතයුතුයි යන අධිෂ්ඨානය තුළ රජයක් ලෙස අප වැඩකරනවා. අපේ රටේ සංවර්ධිත ඉලක්ක ළඟාකරගන්න නම් සියලුදෙනා කැපවීමෙන් වැඩකරන්න සිද්ධ වෙනවා. අධ්‍යාපනයට විතරක් නෙමෙයි රටක් හදන්නෙත් මෙහෙමයි. රටක් හදන්නත් පුරවැසියන් හැටියට රජය, නිලධාරීන්, දේශපාලන අධිකාරිය යන සියලුදෙනාම එකට එකතුවී එක ඉලක්කයක එක ගමනක් හැටියට යන්න පුළුවන්නම් අපිට කරන්න බැරිදෙයක් නෑ කියන එක මේ දඩල්ල ප්‍රදේශයේ ගම්වාසීන් අද ඔප්පුකරලා තියෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18