දිස්ත්‍රික්ක හතරක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
අද (12) පෙරවරු 4.00 සිට හෙට (13) පෙරවරු 4.00 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.
නායයාමේ අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,
කළුතර දිස්ත්‍රික්කය – පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
මහනුවර දිස්ත්‍රික්කය – දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
රත්නපුර දිස්ත්‍රික්කය – පැල්මඩුල්ල, අයගම, රත්නපුර, ගොඩකවෙල, කලවාන, නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













