2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ජයවාර්තා කිරීමට සත්කාරක මෙක්සිකෝ කණ්ඩායමට හැකියාව ලැබුණා.
ඉතිහසයේ පළමුවරට පාපන්දු ලෝක කුසලාන තරගාවලි තුනක් සඳහා දායකත්වය ලබාදුන් එස්ටාඩිඕ අස්ටෙකා ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ගෝල 02-00ක් ලෙස මෙක්සිකෝව ජය ගත්තා.
මෙවර පාපන්දු ලෝක කුසලානයේ පළමු ගෝලය වාර්තා කිරීමට මෙක්සිකෝව වෙනුවෙන් ජූලියන් ක්විනෝන්ස් සමත් වුණා.
මෙක්සිකෝව වෙනුවෙන් වාර්තා වූ දෙවැනි ගෝලය තරගයේ 67වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට රාවුල් ජිමිනෙස් සමත් වුණේ මෙම තරගයේ ජය මෙක්සිකෝ කණ්ඩායමට දෙසට හරවා ගනිමින්.
A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති තරගය ආරම්භයේ සිටම ඉතා ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ මෙක්සිකානු කණ්ඩායමට ඒ අනුව ජයග්‍රාහීව මෙවර පාපන්දු ලෝක කුසලාන ගමන ආරම්භ කළා.
මේ අතර මෙම තරයේ දී දෙපිලේම ක්‍රීඩකයින් තිදෙනෙකුට රතු කාඩ්පත් හිමිවීමත් විශේෂත්වයක්.
ලෝක කුසලාන තරගයකදී රතු කාඩ්පත් තුනක් හෝ වැඩි ගණනක් ලැබුණු හත්වන අවස්ථාව මෙය වන අතර, ආරම්භක තරඟයක දී රතු කාඩ්පත් තුනක් හිමිවූ පළමු අවසථාව මෙය ලෙසටයි ඉතිහාසයට එක් වුණේ.
මේ අතර 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අද කැනඩාවේ සමාරම්භක උත්සවය පැවැත්වෙන අතර ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් හිදී ද සමාරම්භක උත්සවයක් අද පැවැත් වෙනවා.













