පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දේශීයව ඇසුරුම් කළ හෝ බෝතල් කළ පානීය ජලය (PET බෝතල්) සඳහා නව උපරිම සිල්ලර මිල ගණන් නියම කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 20 (5) වගන්තිය යටතේ නිකුත් කර ඇති මෙම අංක 96 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය (ගැසට් අංක: 2492/29) අද (10) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි බලපවත්වෙනවා.
ඒ අනුව මෙම නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම, අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ ඉදිරිපත් කිරීම කිසිදු නිෂ්පාදකයෙකුට, ඇසුරුම්කරුවෙකුට, බෙදාහරින්නෙකුට හෝ වෙළෙන්දෙකුට සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.
නව මිල පාලන නියෝගයත් සමඟ 2025 අප්‍රේල් 01 දිනැති අංක 2430/15 දරන ගැසට් පත්‍රයේ පළ කර තිබූ පැරණි මිල පාලන නියෝගය (අංක 93) අවලංගු වන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා.
නව ගැසට් නිවේදනයට අනුව උපරිම සිල්ලර මිල ගණන්,
මි.ලීටර 500 සිට 999 දක්වා – රු. 80.00
ලීටර 1 සිට 1.499 දක්වා – රු. 120.00
ලීටර 1.5 සිට 1.999 දක්වා – රු. 150.00
ලීටර 2 සිට 2.499 දක්වා- රු. 180.00
ලීටර 5 සිට 6.999 දක්වා – රු. 400.00













